සෙක්ස් කියන්නේ මිනිස්සු ආස දෙයක් වුනාට ඒ ගැන කතා කරන්න හෝ ඒ ගැන අධ්‍යයනයක් කරන්න අපේ මිනිස්සු තුල තියෙන්නේ ආසයි බයයි වගේ හැඟීමක්
සෙක්ස් ගැන කතා කරන්න එතරම් බය වෙන්න ඕනි නැහැ.බය වෙන්න ඕනි සෙක්ස් ගැන දැනීමක් නැතුව ඔබ ලිංගික ක්‍රියාකාරකම්වලට යන එක ගැන.
අපි සාමාන්‍යයෙන් ලිංගික තෘප්තිය ලබාගෙන්න කෙනෙකු සමඟ එක්වීමකින් හෝ කිහිප දෙනෙකු සමඟින් ලිංගිකව එක්වීම මගින්.
හරි මේ කියන්න යන්නේ අපි තනි තනිවම තෘප්තිය ලබා ගැනීම ගැන.ඒ කියන්නේ ලිංගික එක්වීමකින් තොරව සතුටු වෙන ක්‍රම ගැන.කොටින්ම ස්වයං වින්දනය ගැන.
හැබැයි මේ කියන්නේ පුරුෂයින්ගේ ස්වයං වින්දනය ගැන නෙවෙයි....කාන්තාවන්ගේ ස්වයං වින්දනය ගැන...
යාවත්කාලීන නැති බොහෝ කාන්තාවන් සහ තරුණියන් මේ ගැන ඒ කියන්නේ ස්ත්‍රී ස්වයංවින්දනය ගැන දැනීමක් නැහැ.
හරි දැනීමක් තියෙන සහ නැති අය දැන් අහගන්නකො මේ විස්තරය.
Masturbation එහෙමත් නැත්නම් ස්වයං වින්දනය කියන්නේ හිතකර ලිංගික තෘප්තියක් ලබා ගැනීමේ ක්‍රමයක්.
අහිතකර ප්‍රතිඵල ඉතාමත් අවමයි.ගොඩාක්ම ගැහැණු ලමුන් Masturbation කරනවා කියන එක අපි අහන්නේ කලාතුරකින් සහ යම් කිසි වයස් සීමාවකින් අනතුරුව,ඒ කියන්නේ හැඟීම් ගැන යම් කුකුසක්,කුතුහලයක් ඇතිවන කාල වලදි ගැහැනු ළමුන් මෙයට උත්සාහ කරන බව පැවසෙනවා.
කොහොම වුනත් ගැහැනු ළමුන් බහුතරයක් තුළ Masturbation ගැන තියෙන්නේ ඉතාමත් බයක් සහ ලැජ්ජාවක්.
(සමහර ගැහැණු ළමුන් හිතාගෙන ඉන්නවා Masturbation කිරීම තුළින් ගැබ් ගන්නවා කියලත්).
මෙම වරදකාරී හැඟීම ඇති කරවන්නේ සමාජය සහ අපට ලැබිලා තිබෙන සංස්කෘතියත් හේතු වෙලා තියෙනවා.
ඒත් ගැහැණු ළමයෙකුට විශ්වාසවන්ත සහ ගැබ් ගැනීමකින් තොරව ලිංගික තෘප්තියක් ලබා ගත හැකි එකම ක්‍රමය විදිහට මේ Masturbation හඳුන්වන්න පුළුවන්.
ඒ වගේම තමයි ගැහැණු ළමයකුගේ ගෞරවය ලෙස හඳුන්වන කන්‍යාපටලයට හානියක් නොවන ආකාරයෙන් උපරිම තෘප්තියක් ලබා ගැනීමට හැකියාව ලැබීම ගැහැණු ළමුන්ට හිමිවන වාසියක්.
මෙමගින් ලැබෙන වාසිත් අසීමිතයි.හිතන්නකො ඔබට ඔබේ ශරීරය ගැන දැනීමක් එක්කම සතුටු හෝමෝන ශ්‍රාවය වීමේ වාසියත් නිසා මානසික ආතතියත් නැති වෙනවා.
ගැහැණු ළමයෙක් Masturbation කරන්නේ කොහොමද?
තමන්ගෙ ඇඟිලි හෝ වෙනත් උපකරණයක් භාවිතා කිරීමෙන් ලිංගික උත්තේජනයක් ලබා ගැනීම හෝ සුරාන්තය ලබා ගැනීම තමයි මෙමගින් සිදු කරන්නේ.
බොහෝ විට සුරාන්තය ලැබීම අවම වෙන්න පුළුවන්.ඒත් ඉහල ලිංගික තෘප්තියක් ලබා ගන්න පුළුවන්.
ගැහැණු ළමුන්ට මෙන්න මේ ආකාරය භාවිතා කිරීමෙන් ස්වයං වින්දනයේ යෙදෙන්නෙ පුළුවන්.
ක්ලිටොරසය උත්තේජනය කිරීම මගින් (Clitoral Stimulation)
ගැහැණු ළමයි වැඩි දෙනෙක් සුරතාන්තය ලබා ගන්නේ මෙන්න මේ clitoral stimulation මගින්.
ඇඟිලි හෝ උපකරණ (Dildo or Vibrator) යන දෙකෙන් ඕනෑ ම එකක් භාවිතා කිරීමෙන් තෘප්තිමත් වෙන්න පුලුවන්.
කන්‍යා පටලය ගැන වද වෙනවා නම් ඔබට සුරතාන්තය ලබා ගන්නට මේ විදිය උපකාර කරගන්නට පුලුවන්. ආරක්ෂිතයි.
යෝනි මාර්ගය උත්තේජනය කිරීම මගින් (Vaginal Stimulation)
මේක ඉතාමත් ඉහල තෘප්තියක් ලබා දෙන ක්‍රමයක්.
හැබයි ඔයා කන්‍යාපටලය ගැන වද වෙනවා නම් මේ ක්‍රමය භාවිතා කරන්න එපා.
මොකද මෙම ක්‍රමයෙදි ඇඟිලි හෝ උපකරණ ඇතුල් කිරීමෙන් තෘප්තිය ලබා ගන්න ක්‍රමයක් නිසා.
ගුද මාර්ගය උත්තේජනය කිරීම මගින් (Anal Stimulation)
ම්ම්ම් කියද්දි නම් ටිකක් අමුතුත්තක් හිතට දැනෙනවා ඇති.හැබයි උත්සාහ කරලා බලන්න පුළුවන්.ඉහල තෘප්තියක් ලැබෙනවා වුනත් මේ සඳහා වඩාත්ම ලිංගිකත්ව උපකරණ(sex toys)
භාවිතය වඩාත් උචිතයි.තෘප්තිය වෙනස් හැබැයි ප්‍රවේශමෙන්.
ක්ලිටොරසය සහ යෝනි මාර්ගය එක්වර ම උත්තේජනය කිරීම මගින් (Combo Stimulation)
ගැහැණු ළමුන් ඉතාමත් වැඩියෙන්ම ආශාව දක්වන ක්‍රමයක්.මොකද ඉතාමත් මිහිරි තෘප්තියක් මෙමගින් ලැබෙනවා.
මේ සඳහා දෑතම හෝ එක අතක් සමඟින් sex toy එකක් භාවිතා කරන්න පුළුවන්.
ශෘංගාර ප්‍රදේශ උත්තේජනය කිරීම මගින් (Erogenous zones Stimulation)
පියයුරු, කලවා, කන් දෙපස, බෙල්ල ආදී මිහිරි තැන් ශෘංගාරාත්මක ප්‍රදේශ විදියට හඳුනාගන්න පුලුවන්.
මේවා ස්පර්ශ කිරීම මගින් උත්තේජනයක් ලබා ගන්න පුළුවන්.
ඒ වගේම ස්වයං වින්දනය කිරීමේ දී ඔබේ මුළු සිරුර ගැන ම අවධානය යොමු කරන්න.
තොල්, බෙල්ල, කන්පෙති, පියයුරු, උදරය, කකුල් මේ සෑම අවයවයක් ම ඔබට විශාල තෘප්තියක් ලබා දෙන්නට උදව් වෙනවා.
අපි හැමවෙලාවෙම කියනවා මොන වැඩේට වුනත් මූඩ් එක හොඳ වෙන්න ඕනි.
ඒ වගේම තමයි ඔබට යම් කිසි තෘප්තියක් අවශ්‍ය වෙන්නෙ කොයි වෙලාවෙද ඒක තමයි ඔබට සුදුසුම වෙලාව.
ඒ වගේම තමයි තමන්ට නිදහස් තැනක් වෙන්න ඕනි.
මොකද මූඩ් එක නොකැඩී තියෙන්න නම් නිදහස් අවස්ථාවක් සහ නිදහස් තැනක් අවශ්‍ය වෙනවා.
මම යෝජනා කරන්නෙ නම් ඔබේ පෞද්ගලික කාමරය.
අනිවාර්‍යයෙන් ලිහිසි කාරකයක් නම් භාවිතා කරන්නම ඕනි.
මොකද ඔයා පවිච්චි කරන ක්‍රීම් එහෙම භාවිතය යම් අනාරක්ෂිත බවක් ගෙන එන නිසා යම් ආසාත්මිකතා ඇතිවිය වෙන අවධානම වැඩියි.
ඒ වගේම දෑත්වල පිරිසිදු බව ගැන අනිවාර්යෙන් මතකයේ තියාගන්න ඕනි.
ඒ වගේම තමයි සමාජයේ තියෙන වැරදි මතවලට පයින් ගහන්න.
ඔබට ආරක්ෂිත බවකින් ලිංගික තෘප්තියක් ලබා ගත හැකි ක්‍රමය එයයි.
කෙල්ලනි ස්වයං වින්දනය පිරිමින්ට විතරක් නෙවෙයි ඔබටත් අයිතියි.
ඒ නිසා කාලයරන් ඉතාමත් සුමිහිරි සුරාන්තයක් ලබා ගන්න...
එහෙනම් ඔබට මිහිරි අත්දැකීම් ගෙන එන සුරාන්තයක්ම ලැබේවා.