ගැහැණු දරුවන්ගේ වේදනාව සමනය කර ගන්න - මෙන්න ඔසුවක්.. (Photos)
Tuesday, 15 August 2023 - 8:03 | Views - 469
සේපාලිකා මල කියන්නේ ඉතාමත් හොඳ ඖෂදයක්.

සිංහල වෙදකමේ නිතර දෙවේලේ භාවිතා වෙන්නේ මෙහි ගුණ ඉතාමත් ඉහල නිසා.

මේක මාසික ඔසප් වේදනාව සමනය කරගන්න විතරක් නෙවෙයි දියවැඩියාව පාලනය කරගන්න වගේම මහත අයට ශරීරය කෙට්ටු කරගන්නත් කියාපු පානයක්.

මේක හදාගන්නේ සේපාලිකා මලෙන්..මේ පානය තේ පානයක් ලෙසත් භාවිතා කරන්න පුළුවන්.

මෙන්න මෙහෙමයි මේ පානය හදාගන්නෙ...

උදෑසන ගහ යටින් වැටෙන අහුලා ගන්න සේපාලිකා මල් සෝදා කෝප්පයකට දමා මද රස්නය උණු වතුර ටිකක් දමා පැය බාගයක් පෙඟෙන්නට තබා උදේ පාන්දර හිස් බඩ පානය කරන්න පුළුවන්.

නැතිනම් ලේසිම ක්‍රමයක් තමයි පිරිසිදු ඇල් ජලය දමා පැය කිහිපයක් තබා පානයට ගන්නත් පුළුවන්.

ඒ වගේම තමයි නින්ද නොයන අයට මේ වියළි සේපාලිකා මල් බීම ගොඩාක් ගුණයි.දියවැඩියාව තියෙන අයට දියවැඩියාව පාලනය කරගන්නත් මෙ සේපාලිකා පානය ඉතාමත් වැදගත්.

(එහෙමයි කියලා මේකම බිබී ඉන්න එපා,අවශ්‍ය බෙහෙත් ගන්න,ඒ වෙනුවෙන් බෙහෙත් ගන්න අයත් වෛද්‍ය අනුමැතිය අරගෙන මේ පානය භාවිතයට ගන්න ).

ඔබට පුළුවන් මේ සේපලිකා මල් වේලලා කුඩු කරලා තේ පානයක් විදිහටත් භාවිතයට ගන්න.

මෙහි කහට රසයක් තියෙන නිසා ඇඟටත් හොඳයි

මේ සේපාලිකා මල් පානය කළ හැක්කේ සතියට දවසක් දෙකක් විතර පමණි, ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ කියනවනේ...

සිරුර සිසිල් කිරීමේ ගුණයක් තිබෙන ඒ වගේම ලේ පිරිසුදු කර හම පැහැපත් කරන ඉතා අනගි සේපාලිකා මල් ඉවත නොදමා ප්‍රයෝජනයට ගන්න පුළුවන්.












Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top