සතුටින් ඉන්න පුළුවන් රැයක් ගැන කතා නොකරන රහස් ටිකක්..
Saturday, 12 August 2023 - 11:54 | Views - 2,505
සුරාන්තය ගැන අපි ලිපි මාලාවකින්ම කතා කලා.මේ  කියන්න යන්නේ කාන්තාවන් සුරාන්තයට පත් නොවන්නේ ඇයි කියන එක ගැන.

ගොඩක් වෙලාවට කාන්තාවන් සුරාන්තයට පත් කරන්න අමාරුයි කියන මතය සමාජයේ කතා බහට ලක් වෙනවා අපිට ඇහෙනවා.

ඒත් අපේ ලිපි මාලාව බලපු අයට හැකියාවක් තියෙනවා ඒක මුසාවක් කියලා ඔප්පු කරන්න.

ලිංගික එක්වීමකින් ලැබෙන උපරිම තෘප්තිය තමයි සුරාන්තය කියන්නේ.

හැබැයි කෙල්ලනේ හැම ලිංගික එක්වීමක්ම සුරාන්තයකින් අවසන් වෙන්නෙ නැහැ.

මොකද ලිංගික එක්වීමක් වුනත් ඔයයි එයයි අනිවාර්‍යයෙන් තේරුම් ගැනීමකින්,හැඟීමකින්,ආශාවකින් කරන්න ඕනි.

හැබැයි ඔයා ලිංගිකව එක්වීමකදි සුරාන්තයට පත් නොවීම එයාගෙවත් ඔයාගෙවත් වැරැද්දක් කියලා ඔළුවට දාගන්න හොද නැහැ.

මොකද ලිංගිකව එක්වීමකින්ම සුරාන්තය ලබන්නේ 25%ක පමන කොටසක් විතරයි කියලා පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා.

ඒ 25% අතර ඔයා ඉන්නවා නම් ඔයාට ගැටලුවක් නැහැ.

හැබැයි එය එසේ නොවෙනවයි කියන එක සාමාන්‍ය කරුණක්.

අපි මුලින් කිව්වා ලිංගිකව එක්වීමට පෙර දෙදෙනා අතර ආදරණීය කතා බහක්,එයා කැමති දේවල් ගැන සහ ඔයා කැමති දේවල් ගැන දෙදෙනාට දෙදෙනා අදහස් බෙදා ගැනීම වටිනවා.

මොකද ඔබේ තියෙන ලිංගික ආශවන් ඔයා එයත් එක්ක බෙදා ගැනීම මගින් ඔයා බලාපොරොත්තු වෙන සුරාන්තය ලබා ගන්න පුලුවන්.

ඉතිං ඔයා දන්නවද කාන්තා ඔබට පැයකට 100 වරක් සුරාන්තයට පත් වීමට හැකියාවක් තිබෙනවා කියලා.

ඉතින් කලිනුත් කිව්වා වගේ ලිංගික එක්වීමකින්ම සුරාන්තය ලබා ගන්න බැහැ.

හැබැයි ආශාව,ඒ කියන්නේ ලිංගික එක් වීමකට පෙර සිප වැලඳ ගැනීම,ලිංගික එක්වීමට තිබෙන ආශාව මේ කරුණු කාරනා නීරෝගී මනුස්සයෙක් සුරාන්තය වෙත ගෙන යාමට ප්‍රයෝජනය වෙනවා.

ඒ වගේම තමයි කාන්තාවක් ලිංගිකව අවදිවීම ගැනත් දැන ගෙන සිටිය යුතුමයි.

ඔබගේ යෝනි මාර්ගය තෙත්වීම,තණ පුඩු සහ පියයුරු ක්‍රමයෙන් විශාල වීම සහ තද වීම මගින් මෙය දැන ගත හැකියි.

ඒ වගේම තමයි සුරාන්තය ලබා ගැනීමට නම් මේ කරුණු ටිකත් දැන ගන්න ඕනි.

Clitoris,G-Spot ගැන අපි කලිනුත් කියලා තියෙනවා.

කන්තාවන් ලිංගිකව උත්තේජනය කල හැකි හොඳම ස්ථාන මේවායි.

මේ ස්ථාන පිරිමැදීම එහෙමත් නැත්නම් තනපුඩු ස්පර්ශය,මුඛ සංසර්ගය,වැනි ක්‍රියා මගිනුත් සුරාන්තයට පත් විය හැකි වගේම උපරිම ලිංගික තෘප්තියටත් පත් වෙන්න පුළුවන්.‘භගමනිය’ (Clitoris) සහ ජී-ස්පොට් (G-Spot) යන ස්ථාන විශේෂයෙන්ම ලිංගික සංසර්ගයේදී ශිෂ්ණය ඇතිල්ලීමෙන් ඉතා ඉක්මණින් කාන්තාවන් උපරිම තෘප්තියට පැමිණෙන බවත් ලිංගික වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

ඉතින් මෙන්න මේ ආකාරයට කටයුතු කිරීම මගින් සුරාන්තයට පත් විය හැකියි.

සම්බන්ධතාවන්හී ගැටළු,ආගමික මතවාද,මානසික ආතතිය වගේ කරුණු නිසා නම් ඔබට සුරාන්තය ලබා ගැනීමට නොහැකියි.ඉතින් ඔබේ සම්බන්ධතාවන් දියුණු කරගන්න.

එවිට ලිංගික ජීවිතයත් ඉතාමත් තෘප්තියකින් ගත කිරීමට ඔබට හැකියාවක් ලැබේවි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top