ඔයාත් මැරෙන්න බය කෙනෙක් ද? එහෙනම්, ඔයාගේ මරණයත් කල් දා ගන්න පුළුවන්..
Thursday, 10 August 2023 - 11:32 | Views - 996

හැමෝම මරණෙට බයයිනේ. ඊටත් වඩා අපි හැමෝම වයසට යනවට බයයි..
මම ඔයා වෙනුවෙන් මැරෙන්නම් කියලා මොන තරම් පොරොන්දු දුන්නත් කාටද පුළුවන් එහෙම මැරෙන්න.
(එහෙම මැරුණ අය නැතුවම නෙවෙයි.අපි කියන්නේ බහුතරයක්).
මයිකල් ජැක්සනුත් කාලයක් දීර්ඝ ජීවිතයක් ලබා ගැනීම වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කලා කියලයි විදෙස් මාධ්‍ය ඒ දවස්වල සඳහන් කලේ.
හැබැයි ඒවයින් පළක් වුනේ නැහැ.
හැබැයි ඔන්න ඔයාලගේ ජීවිතේ ආයුෂ වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි පර්යේක්ෂකයෝ මේ හොයාගෙන තියෙන්නෙ.
ඔයා අඩි 5000ක් දවසට ඇවිදිනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ සාමාන්‍ය ආයුෂ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්න.
මීට කලින් නම් අඩි ගනණ වැඩි වෙලයි තිබිලා තියෙන්නේ (ඒ කියන්නේ 10000ක්).
මේ සමීක්ෂනය වෙනුවෙන් පුද්ගලයින් 226000 යොදාගෙන තියෙනවා.
පර්යේක්ෂකයින් පවසන ආකාරයට අඩි 4000ල් ඇවිදින පුද්ගලයින්ට නියමිත ආයු කාළයට මිය යෑමේ සම්භාවිතාව අඩු වෙලා කියලයි කියන්නේ.
ඒ වගේම හෘදය,රුධිර සංස්සරණ පද්ධතිය නීරෝගී කර ගැනීමට නම් දවසට අඩි 2300ක් ඇවිදීම ප්‍රමාණවත්.
කොහොම වුණත් ඇවිදින ප්‍රමාණය අනුව ඔබට ලැබෙන ප්‍රතිලාභ ගොඩයි.
අඩි 4000 සිට ඉහලට අඩි 20000 දක්වා වැඩිවන අඩි 1000කම ඔබේ ආයු අපේක්ෂාව වැඩි වෙනවා.
ඒ කියන්නේ මරණය පමා වෙනවා.
ඉතින් ඔන්න ඇවිදින්න පුළුවන් නම් ඔයාට ජීවත් වෙන්න බෝනස් ආයුෂ වැඩි වෙනවා.
ඒ නිසා පුළුවන් තරම් ඇවිදින්න. ඊට පස්සේ ඔයාට සතුටින් ජීවත් වෙන්න බෝනස් ආයුෂ එකතු කරගන්න.
මේ අතර ම ලෝක සෞඛ්‍යය සංවිධානය කියන ආකාරයට නිසි ක්‍රියාකාරකම්වල නොයෙදීම නිසා සෑම වසරකම මිනිසුන් මිලියන 3.2ක ප්‍රමානයක් මිය යනවා කියලා ඔවුන් දත්තවලින් පවා පෙන්වා දී තිබෙනවා.
ඉතින් ඔබ පුළුවන් තරම් ඇවිදින්න..ඔබට පුළුවන් ජීවිතේ තව කාලයක් ජීවත් වෙන්න.
Share This Article