නව බිම්මල් ප්‍රභේදයක් සහ සෝයා යෝගට් විශේෂයක්..
Saturday, 05 August 2023 - 10:25 | Views - 645
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නව බිම්මල් ප්‍රභේදයක් සහ සෝයා යෝගට් විශේෂයක් හදුන්වා දී තිබෙනවා.

අදාළ බිම්මල් වර්ගය, අමෙරිකන් හා ඇබලෝනි ප්‍රභේද දෙක ම්ශ්‍ර කිරිමෙන් Hordi Musgroom Curly නිපදවා ඇති බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

මෙම යෝගට්, ඌණ පෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට යොදා ගතහැකි අතර ප්‍රෝටීන් බහුල සෝයා වලින් මෙම යෝගට් නිෂ්පාදනය කරනු ලබනවා.

පසුගියදා, ගන්නෝරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ සහභාගීත්වයෙන් මෙම සෝයා යෝගට් වර්ගය ජනතාවට හදුන්වා දෙනු ලැබුවා.

මේ අතර එළවළු සදහා වැඩි අස්වැන්නක් ලබා ගත හැකි තක්කාලි හා බෝංචි නව ප්‍රභේද දෙකක්ද එම දෙපාර්තමේන්තුව විසින් හදුන්වා දී තිබෙනවා.

මෙලෙස හදුන්වා දුන් Hords Bean 03 නමින් හැදින්වෙන බෝංචි විශේෂයෙන් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි අතර දිවයිනේ ඕනෑම ප්‍රදේශයක වගා කිරිමේ හැකියාව පවතිනවා.

කෘෂි නිලධාරින් සදහන් කළේ, මෙම බෝංචි ප්‍රභේදය මගින් හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 27ක අස්වැන්නක් ලබා ගත හැකි බවයි.

එමෙන්ම අලුතින් හදුන්වා දුන් පොකුරු තක්කාලි ප්‍රභේදය ඝණ ඵලාවරණයක් පැවතීම හේතුවෙන්, අනෙකුත් තක්කාලි වර්ගවලට වඩා වැඩි කාලයක් තබා ගැනීමේ හැකියාව පවතිනවා.

පර්යේෂණ නිලධාරින් පැවසූවේ, මෙම නව තක්කාලි ප්‍රභේදය සෝස් හා ජෑම් නිෂ්පාදනය සදහා වඩාත් සුදුසු තද රතු පැහැයකින් යුක්ත බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top