රසවත්, ගුණවත් '' වතුමුවා '' කාලම බලන්නකෝ රස ? (Photos)
Saturday, 05 August 2023 - 9:30 | Views - 1,194
කෙසෙල් මුව නැත්නම් ගාලු පැත්තේ අය කියන වතුමුවා කියන්නේ ඉතාමත් ගුණවත් ආහාරයක්.
ගොඩාක් රසවත් ආහාර මේ කාලයේ වියැකිලා යද්දි අපි හැමදාම උත්සාහ කරන්නේ එවැනි ආහාර නැවතත් ප්‍රචලිත කරන්න.
ඔබ කෙසෙල් මුව ව්‍යංජනය, කෙසෙල් මුව බැදුම නම් කාලා ඇති. ඒත් කෙසෙල් මුව පොතු හීනියට කපලා හදන කෙසෙල් මුව පොතු සම්බෝලය ඔබ කාලා තියෙනවද?
අද කියන්න යන්නේ කෙසෙල් මුව පොතු සම්බෝලය හදන්නේ කොහොමද කියලා.
කෙසෙල් මුව පොත්ත දෙහි ඇඹූල් දාල උයලා..
මුවේ මතුපිටින් ඇති පොතු හොදින් හීනියට කපා ලුනු වතුර දමා හොදින් සෝදා ගන්න.
ඊට පසු තෙල් ස්වල්පයක් දමා,
රත් වෙන්න දී, කරල් මිරිස් ස්වල්පයක් හා ලියාගත් ලුණු ස්වල්පයක් දමා, හොඳින් තෙම්පරාදු කර, කෙසෙල් මුව කපා ගත් පොතු ටික දමා දෙහි ඇඹූල් සහ අවශ්‍ය පරිදි ලූණු දමා වතුර ස්වල්පයක් දමා මද ගින්නේ පිස ගන්න..
ඔයාලා කාලම බලන්නකෝ, රසයි ද කියලා..




Share This Article