Barbie බෝනික්කන් සෙල්ලමේ හොඳ පැත්ත..
කාඩිෆ් විශ්ව විද්‍යාලයේ පරීක්ෂකයින් කණ්ඩායම් සිදු කළ නවතම පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ Barbie බෝනික්කන් ඇතුළුව අනෙකුත් බෝනික්කන් සමඟ සෙල්ලම් කිරීමේදී දරුවන්ගේ මොළයේ වෙනසක් සිදුවන බවයි.
ළමයින් 33 යොදා ගනිමින් මාස 18ක් තුළ ඔවුන් බෝනික්කන් සමඟ සෙල්ලම් කිරීමේදී මොළයේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීම හරහා මෙම නිගමනයට එළැඹි බවයි වාර්තා වී ඇත්තේ.
කෙසේ වෙතත් ඔවුන් පෙන්වා දෙන්නේ මෙම බෝනික්කන් හා සෙල්ලම් කිරීම හරහා දරුවන් සංවේදී වීම සහ සුභවාදී සමාජයක් ඇති කිරීම කෙරෙහි නැඹුරු වන බවයි.
Barbie බෝනික්කන් 1959 වසරේ සිට වෙළෙඳපොළට හඳුන්වා දී ඇති අතර එය දරුවන් අතර ඉතාම ජනප්‍රිය සෙල්ලම් භාණ්ඩයක් වන බවද සඳහන්.