කැඬුම්,බිඳුම් මේ හැමදේකටම ඔට්ටු වෙන, අතීතයේ සිටි මිනිසුන්ගේ දිව්‍ය ඖෂධය.. (Photos)
Saturday, 29 July 2023 - 9:02 | Views - 1,012
ඉස්සර අපේ අම්මලගේ මහ ගෙදර යන්න ගොඩාක් ආසයි

මොකද එහෙම ගියාම ආතම්මගෙයි,ආතාගෙයි ආදරය උපරිමයෙන්ම ලැබෙනවා වගේම ආතම්මා හදන රසම රස අපූරූ කෑම කන්නත් බලාගෙනම තමයි මම එහෙ යන්නේ.

මහ ගෙදර වත්ත පැත්තකින් විශාල මී ගහක් තියෙනවා.

ආතා කැඬුම් බිඳුම් සහ සර්ප වෙදකම කරන නිසාම වත්ත පුරාම තියෙන්නේ බෙහෙත් වර්ග.

මී ගස කියන්නෙත් ඉතාමත් ඖෂධීය වටිනාකමින් යුත් ගසක් ලෙසයි පැරැන්නෝ හැඳින් වුනේ.

ඉදිමුමකදි,උළුක්කුවකදි වගේම අස්ථි බිඳීමකදි පවා මී තෙල් ප්‍රයෝජනයට ගනු ලබනවා.

ඒ වගේම තමයි මේ ගෙඩි හැදීගෙන එන කාලයේදී ලපටි ගෙඩිවල හැදෙන පොතු මාළුව සහ මැල්ලුමත් ඉතාමත් රසවත් වගේම ගුණවත්.

මේ මී ගෙඩි මැල්ලුම සහ ව්‍යංජනය හදන්න අපේ ආතම්මා ඉතාමත් දක්ෂයි.

මී ගෙඩි මැල්ලුම ආතම්මා හදන්නේ මෙහෙමයි.

මුළින්ම ගහෙන් කඩාගෙන එන මී ගෙඩි ටික ගෙඩිය පිටින් තම්බලා,ළපටි ඇට අයින් කරලා පොතු ටික හීනියට කපා ගෙන භාජනයකට දාගන්නවා.

ඉන් අනතුරුව ලූණු,ලූනු,පොල්,හීං කොච්චි,කරපිංචා වගේ අවශ්‍ය ස්භාවික රසකාරක සියල්ලම මිරිස් ගලේ අඹරගෙන අර කපාගත් මී ගෙඩි පොතු ටිකට එකතූ කරගෙන මද ගින්දරින් ඒ සියල්ල තෙම්පරාදු කරගන්නවා.

මේ මී ගෙඩි මැල්ලුම ඉතාමත් රසවත් රතු හාලේ බතුත් එක්ක වැව් මාළු සහ තම්බපු කොස් එක් කර ගන්න පුලුවන් නම්.

ඒ වගේම හීන් කොච්චි සැරටත් එක්ක නිකන් වුනත් කන්න පුළුවන්.

ඉතින් මේ වගේ පැරණි ඉතාමත් ගුණවත් ආහාර වේලකට හරි එක්ක කරගන්න පුලුවන් නම් ඉතාමත් අගනෙයි.

ඒ වගේම තමයි මී තෙල් කොස් මාළුව,දෙල් මාළුවට එකතුකරගන්න පුළුවන් නම් රසවත් බව ඉතාමත් වැඩි වෙනවා කියලා තමයි අපේ ආතම්මා නම් කියන්නේ.

ඒ වගේම මී මල් වලින් හැලපත් ඉතාමත් රසවත් කැවිළි වරගයක්.

ආයෙත් දවසක කියන්නම්කො...







 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top