ලාදුරු සුව කළ හැකිද ? දැනසිටීම වැදගත්.. (Video)
Saturday, 22 July 2023 - 14:18 | Views - 862
ලාදුරු රෝගය යනු සම සහ ස්නායුවල ඇතිවන බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් ඇතිවන කල් පවත්නා රෝගයක් බවයි වෛද්‍යවරු පවසන්නේ,

නමුත් ලාදුරු රෝගය පිළිබඳ බියෙන් සිටි පුද්ගලයින්ට දැන් යම් අස්වැසිල්ලක් ලැබී තිබෙන්නේ නිසි ලෙස ප්‍රතිකාර ගතහොත් ලාදුරු සුව කළ හැකි බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීමත් සමගයි.

මයිකෝබැක්ටීරියම් ලෙප්‍රේ නමැති දණ්ඩාකාර බැක්ටීරියාවකින් ලාදුරු රෝගය බෝ වනවා.

ලාදුරු රොගයේ ප්‍රභේද දෙකක් පවතින අතර බෝ නොවන වර්ගය පෝසි බැසිලරි හෙවත් PB යනුවෙනුත් බෝ වන වර්ගය මල්ටි බැසිලරි හෙවත් MB ලෙසත් හඳුන්වනවා

මෙම වසරේ ගත වූ මුල් මාස කිහිපය තුළ මෙරටින් වාර්තා වූ ලාදුරු රෝගීන්ගේ සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව ඉහළ අගයක පවතින බව අනාවරණ වී තිබෙන අතර වෛද්‍යවරුන් පවසන්නේ නිසි ලෙස ප්‍රතිකාර ගතහොත් ලාදුරු සුව කළ හැකි බවයි.

ප්‍රතිකාර නොගන්නා බෝ වන වර්ගයේ ලාදුරු රෝගියකු කහින විට හෝ කිවිසුම් පිටකරන විට පරිසරයට එක්වන කෙළ බිඳිති මඟින් වෙනත් පුද්ගලයෙකුට රෝගය බෝ විය හැකියි.

ලාදුරු රෝගය වැළඳෙන පුද්ගලයින් අතරින් 50%ක්ම වයස අවුරුදු 20ත් 45ත් අතර වයස් සීමාවේ පසුවන්නන්.

ඊට අමතරව රෝගීන්ගෙන් 10% ක් පමණ වයස අවුරුදු 14 හෝ ඊට අඩු දරුවන් බවයි වාර්තා වන්නේ.

හැඳල ලාදුරු රෝහල මෙම රෝගීන් වෙනුවෙන් සිදු කරන්නේ කදිම මෙහෙවරක්.

වත්තල හැඳල රෝහලේ ලාදුරු කාර්ය භාර වෛද්‍ය නිලධාරී සුජිත් පුළුක්කුට්ටිආරච්චි පැවසුවේ රෝගීන් 26 ක් අවුරුදු 50 ක් පමණ රෝහලේම ගත කරපු පිරිසක් ඉන්න බවත් අවුරුදු 70 ක් පමණ දිවි ගෙවන පුද්ගලයින් සිටින බවයි.

එහි සිටින රෝගීන් පවසන්නේ ඔවුන් බැලීමට කිසිවෙකු නොඑන බවත් ජීවිත කාලයම හෝ වසර ගණනක් මෙම රෝහලේ සිටින අතර ඉතා සතුටින් දිවි ගෙවන බවයි.

මේ අතර එහි සිටිනා හෙදියක් පැවසූවේ රෝහලේ සිටිනා සියලු රෝගීන් සිරගත වූ අපේම මිනිසුන් ලෙස දකිනා අතර ඔවුන් සතුටින් බලා ගැනීම වගකීමක් වන බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top