වැඩිම පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන පළාත ,බස්නාහිර
Thursday, 20 July 2023 - 9:07 | Views - 3,076
ලංකාවේ අවුරුදු 05ට අඩු ළමයින් සහ කාන්තාවන් ලක්‍ෂ 10ට ආසන්න පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබෙනවා.

ඒ පළාත් 9යම ආවරණය වන පරිදි සිදු කරන සමීක්ෂණයකට අනුව බවයි වාර්තා වන්නේ.

දිවයින පුරා මන්දපෝෂණයෙන් පෙළෙන සම්පූර්ණ ගණන 971,888ක් වන අතර එහි අවුරුදු 05 අඩු මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් 300,746ක් ද කාන්තාවන් 671,142ක් ද ඇතුළත් බවයි වාර්තා වී ඇත්තේ.

වැඩිම පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන පළාත වන්නේ බස්නාහිර පළාතයි.

එහි අවුරුදු 05 අඩු මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් 85,847ක් බවත් කාන්තාවන් 196,197ක් සිටින බවත් වාර්තා වනවා.

මධ්‍යම පළාතේ අවුරුදු 05 අඩු මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් 30,393ක්ද, කාන්තාවන් 126,976ක්ද සිටින අතර, දකුණු පළාතේ අවුරුදු 05ට අඩු ළමයින් 37,032ක් සහ කාන්තාවන් 79,254ක් ඇති බවයි අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

මේ අතර අමාත්‍යවරයා දක්වන්නේ වයඹ පළාතේ ළමයින් 47,765ක් සහ කාන්තාවන් 68,763ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් උතුරු මැද පළාතේ ළමයින් 19,067ක් සහ කාන්තාවන් 38,869ක් එම තත්ත්වයට ගොදුරු වී ඇති බවයි.

මීට අමතරව ඌව පළාත තුළ අවුරුදු 05 අඩු ළමයින් 18,278ක් සහ කාන්තාවන් 46,175 සිටින අතර සබරගමුව පළාතේ ළමයින් 17,180ක් සහ කාන්තාවන් 54,394ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවද පාර්ලිමේන්තුවේ දී අනාවරණය වී තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top