විවාහක ද? ලිංගික සබඳතාව ගැන ඔබ දැනුවත් විය යුතුම කරුණු.. (Photos)
Saturday, 15 July 2023 - 9:49 | Views - 5,431
සෙක්ස් ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න ගොඩාක් අය කැමති නෑනේ.

හැබැයි අපි කතා කරමු.

මොකද සෙක්ස් කරලා ඉවර වුනාට පස්සේ මේ දේවල් ඔයා කරන්න සහ මේ දේවල් ඔයා කරන්න එපා.

මොකද ඒවායින් වෙන සමහර ප්‍රතිවිපාක නිසා ඔයාට අවාසියක් වෙන්නත් පුළුවන්.

සෙක්ස් කරලා අවසානයේ අනිත් පැත්ත හැරිලා නිදාගන්න එපා.

මේ චෝදනාව ගොඩාක්ම එල්ල වෙන්න පිරිමි පාර්ශවයට.

ඔයාලා සමහර විට අහලත් ඇති "එයා නම් කරලා අනිත් පැත්ත හැරිලා නිදාගත්තා" කියලා.

සෙක්ස් කරලා ඉවර වුනාට පස්සේ පොඩ්ඩක් මහන්සියි තමයි.

හැබැයි ඔයාට පුළුවන් නිදාගන්නවට වඩා එයා එක්ක මහන්සිය අඩු වෙනකන් පොඩ්ඩක් කතා කර කර ඉන්න.

ඒක දෙන්නගෙම බැඳීම වැඩි වෙන්න පුළුවන් ඉතාමත් හොඳ වැඩක්.

ඉතින් ඊටත් පස්සේ,

අනිවාර්යයෙන් වොශ් එකක් නම් දාගන්නම ඕනි.

වැඩේ ඉවර වුනාට පස්සෙ දෙන්නා එක්කම ඇඟ සහ ලිංගික අවයව සහ ඒ ආශ්‍රිතව සෝදාගන්න.

ඒක ඔයාගේ සෞඛ්‍යාරක්ෂාවට හොඳයි. එහෙම නොකලොත් ලිංගික ප්‍රදේශවලට ආසාදන එහෙමත් ඇති වීමේ ඉඩකඩ වැඩියි.

ඒ කියන්නේ, ඔයාලගේ බසින් කියනවා නම්, චූ පාරක් දාලා, වතුර ටිකක් බොන්න'

කොහොමත් සෙක්ස් කලාට පස්සේ දෙගොල්ලන්ටම මුත්‍රා කරන්න ඕනි අවශ්‍යතාවය ඇති වෙනවා.

එහෙම මුත්‍රා කරන එකත් හොඳයි, මොකද සෙක්ස් කරන වෙලාවෙදී මුත්‍රා මාර්ගය හරහා බැක්ටීරියා එහෙම ඇතුලු වුනොත් ඒවා සේදිලා යන්න ඒක හේතුවක් වෙනවා .

ඒ එක්කම වතුර ටිකකුත් බොන්න. එතකොට ඇඟට නැවුම් ගතියක් එනවා.

සහකරුවා/සහකාරිය එක්ක තියෙන සම්බන්ධය ශක්තිමත් කරගන්න, කලින් කිව්වා වගේම ඔයා එයා එක්ක ටිකක් කතා කර කර ඉන්න.

ඒක ඉතාමත් වැදගත්. විවාහයට පෙර ඔබේ පෙම්වතිය සමගින් නම් ඔබ මේ වැඩේ කලේ ඇය සමග මද වෙලාවක් හෝ කතා කර කර හිඳීම හෝ අනාගත සැලසුම් ගැන සරලව තුරුල් වෙලා කතා කර කර ඉන්න එක ඇත්තටම වටිනවා.

එහෙම වෙලාවක නම් ඉතින්, ආරක්ෂිත ක්‍රියා මාර්ග ගන්න අමතක කරන්නත් එපා.

අනිවාර්‍යයෙන් ඔබ අවිවාහකයෙක් නම් ඔබ වෙනකෙකු සමඟ ලිංගික ක්‍රියාවකට යන්න කලින් උපත් පාලන කොපු පැලඳීම නම් අනිවාර්‍යයයි.

මොකද ලිංගික සබඳකම් නිසා ඇතිවන හදිසි ගැබ් ගැනීම්වල සිට ලිංගික රෝග බෝවීම් දක්වාම බේරෙන්න හැකියාවක් සහ වාසියක් එමගින් තියෙන නිසා.






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top