ලිවින් ටුගෙද හිටපු කාන්තාව හදිසියේම ජීවිතයට කරගත් දේ
Wednesday, 28 June 2023 - 14:54 | Views - 1,218
කුරුණෑගල පොලීසියේ විවිධ පැමිණිලි අංශය තුළ වස පානය කළ කාන්තාවක් ප්රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මුදල් ආරවුලක් සහ පවුල් ආරවුලක් සම්බන්ධව පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණි තිස්හත් හැවිරිදි කාන්තාවක් මෙලෙස පොලිස් ස්ථානය තුලදී වස පානය කර ඇති බව යි පොලීසිය සඳහන් කළේ.
මෙම කාන්තාව පුරුෂයෙකු සමඟ ජීවත් වී ඇති අතර, එම පුරුෂයා සම්බන්ධව මෙසේ ආරවුල් ඇති කරගෙන ඇති බවටයි සඳහන් වී තිබෙන්නේ. එසේම මෙම පුරුෂයා සහ කාන්තාව එක්ව වාසය කළද , විවාහ වී නොමැති බවටද අනාවරණය වී තිබෙනවා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධව ඉදිරි වීමර්ශන කුරුණෑගල පොලීසිය විසින් සිදු කරනු ලබනවා.
Share This Article