කොළඹ කොටුව හා යාපනය අතර සෘජු දුම්රිය ධාවනය ජූලි මස 15 සිට..
Wednesday, 28 June 2023 - 11:51 | Views - 1,069
යාපනය හා කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ජූලි මස 15 දා සිට යළි ආරම්හ කරණ බව දුම්රිය දෙපාර්තමේන්තුව 27 දා නිවේදනය කොට තිබෙනවා.
උතුරු දුම්රිය මාර්ගයේ ප්රතිසංස්කරණ කටයුතු නිසා මෙතෙක් කොළඹ සිට දුම්රිය ධාවනය පසුගිය ජනවාරී මස 5 වෙනිදා සිට අනුරාධපුරයට පමණක් සීමා වී තිබුණා.
ඉන්දීය ණය ආධාර මත උතුරු දුම්රිය මාර්ගය ප්රතිසංස්කරණය කිරීම මහව සිට ඕමන්ත දක්වා සිදු කිරීමට නියමිතව ඇති නමුත් ඉදිරි කාලයේදී දැඩි වර්ෂා
කාලයක් එළඹෙන බැවින් අනුරාධපුරයේ සිට මහව දක්වා වූ දුම්රිය මාර්ග කොටස ප්රතිසංස්කරණය කිරීම ලබන වර්ෂයේ ජනවාරී මාසය දක්වා තාවකාලිකව කල් දමා තිබෙනවා.
දැනට අනුරාධපුරයේ සිට ඕමන්ත දක්වා වූ දුම්රිය මාර්ග කොටස සම්පූර්ණයෙන්ම ප්රතිසංස්කරණය කොට අවසන් නිසා කොළඹ කොටුව හා යාපනය අතර දුම්රිය ධාවනය ජූලි මස 15 වෙනිදා සිට ආරම්හ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කොට තිබෙනවා.
Share This Article