බොරතෙල් බැරලයක මිල පහළට
Wednesday, 28 June 2023 - 10:20 | Views - 2,434
ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඊයේ (27) දිනයේත් සුළු අඩුවීමක් පෙන්නුම් කළා.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 73ත් 74ත් ලෙසට සටහන් වූ අතර, ගතවූ දින හතර පුරාම පැවතියේ එම තත්ත්වයයි.

එසේම, අමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 70ට අඩු අගයක් සටහන් වී තිබුණා.

කෙසේ වෙතත්, ජූනි මස 3 වන සතිය තුළ බොරතෙල් මිල ගණන් මිශ්‍ර ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කළ අතර, ජූනි 21 සහ 22 යන දිනවල ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඩොලර් 77 දක්වා ඉක්මවා ගියා.

චීනයේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සමඟ ඉල්ලුමෙහි වර්ධනයක් පිළිබඳ මතුවූ අපේක්ෂා සහ එක්සත් ජනපද බොරතෙල් තොග හදිසියේ පහත වැටීම ද ඊට හේතුව බව යි විශ්ලේෂකයන් සඳහන් කළේ.

කෙසේ වෙතත්, ඉන්ධන සඳහා ඇති ඉල්ලුම පිළිබඳ වූ අවිනිශ්චිතතා හේතුවෙන් යළි මෙලෙස බොරතෙල් මිල ගණන් පහත වැටීමක් පෙන්නුම් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top