විදුලි බිල්පත් ඩිජිටල් ආකෘතියෙන්, SMS හෝ විද්‍යුත් තැපෑලෙන්..
Wednesday, 28 June 2023 - 9:16 | Views - 2,185

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම ඊයේ (28) ආරම්භ කෙරුණා.
එම අවස්ථාවට සහභාගි වූ වෘත්තීය සමිති නියෝජිතයින් පෙන්වා දුන්නේ විදුලි බිල වැඩිකලද ලංකා විදුලි බලමණ්ඩලය මහා පරිමාණ ආදයමක් ලබා නොමැති බවයි.
ජූලි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව සකසන ලද යෝජනාව විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේ පසුගිය 16 වැනිදායි.
ඒ අනුව, ජූලි මස පළමුවැනිදා සිට ඒකක 0 -30 දක්වා විදුලිය පාරිභෝජනය කරන ගෘහස්ථ සහ ආගමික ස්ථානවල විදුලි ගාස්තුව 23% බැගින් ද, හෝටල් හා කර්මාන්ත විදුලි ගාස්තු 29% - 40% අතර ප්‍රමාණයකින් ද අඩු කරන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.
එම යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද පෙරවරු 9.30 සිට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ කෙරුණේ මහජන උපයෝගිතා කොමිසමේ නව සභාපති එම්.ඒ.ආර්.එම් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර ලංකා විදුලි බලමණ්ඩලයේ සම්මතයට අනුව කැලණිය, දෙහිවල සහ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශවල පදිංචි විදුලි පාරිභෝගිකයින්ට 2023 ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි , ඔවුන්ගේ විදුලි බිල්පත් ඩිජිටල් ආකෘතියෙන්, SMS හෝ විද්‍යුත් තැපෑලෙන් ලබා දීමට කටයුතු කර තිබෙනවා.
Share This Article