වැස්සත් එක්ක එන පාංශු උණ..
Monday, 26 June 2023 - 13:22 | Views - 1,378
ජලය සහ පස් ආශ්‍රිතව තිබෙන බැක්ටීරීයාවක් හේතුවෙන් ඇති වන රෝගයක් ලෙස පාංශු උණ (මෙලියොයිඩෝසිස් - Meliodosis) හඳුන්වනවා.

වැසි සහිත කාලගුණයත් සමඟ ව්‍යාප්ත වන මෙම රෝගය මාරාන්තික තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි.

මෙම බැක්ටීරීයාව ශරීරයේ ඕනෑම ඉන්ද්‍රියකට ආසාදනය විය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා.

මෙම බැක්ටීරීයාව ශරීරගත වන අවස්ථා කිහිපයක් තිබෙන අතර වැඩි වශයෙන් ශරීරගත වන්නේ පස්වල තිබෙන බැක්ටීරීයාව කකුලේ යටි පතුලේ ඇති කුඩා තුවාල මඟින් හෝ යටි පතුල් පැලී ඇති විටයි.

එමෙන්ම බැක්ටීරියාව සහිත අපිරිසුදු ජලය පානය කීරීමෙන් ද දූවිල්ල ආඝ්‍රාණය කිරීමෙන් ද
පාංශු උණ හැදෙන්න පුළුවනි.

දියවැඩියාව, වකුගඩු රෝග සහ තැලසීමියාව වැලඳී ඇති රෝගීන් මෙන්ම දුම්පානය කරන්නන් සහ අධික මත්පැන් පානය කරන්නන්ට ද මේ රෝගයේ අවදානම වැඩි බවයි වෛද්‍යවරු පවසන්නේ.

මේ වන විට පාංශු රෝහයට ගොදුර වී ඇති රෝගීන් අතර නියුමෝනියාව, පෙනහලු සහ අක්මාවේ සැරව ගෙඩි වැනි විවිධ ආසාදන ඇති රෝගීන් බහුල බව වාර්තා වෙනවා.

මෙම රෝගයේ රෝග ලක්ෂණ බොහෝදුරට මී උණ හා ක්ෂය රෝගයට සමාන වෙනවා. මේ නිසා වෛද්‍යවරු පත්වන්නේත් මහත් අපහසුතාවයට.

මෙහි ප්‍රධාන ලෙසම ඇති වන රෝග ලක්ෂණ වන්නේ උණ ඇති වීමයි.

රසායනාගාර පරීක්ෂණ මඟින් රෝගය ඉක්මණින් හඳුනාගැනීම සහ පෙර පැවති නිදන්ගත රෝගවලට ද ප්‍රතිකාර කිරීමෙන් ද පාංශු උණ රෝගය සාර්ථකව සුව කළ හැකියි.

නියමාකාරයෙන් රෝගය හඳුනාගෙන නියමිත ප්‍රතිජීවක ලබා දී ප්‍රතිකාර නොකළහොත් මෙම රෝගය විටින් විට මතුවෙන්න පුළුවනි.

පාංශු උණ රෝගය වැලඳී ඉන් අපහසුතාවට පත් වීමට පෙර ඉන් වැළකී සිටීම ඉතා වැදගත්.

මෙහිදී දුම්පානය සහ මත්පැන් පානයෙන් වැළකී සිටීම, නිදන්ගත රෝගවලට ප්‍රතිකාර ලබා ගැනීම, මඩ හෝ අපිරිසුදු ජලයට දෙපා නිරාවරණය කර නොගෙන සිටීම, පා ආවරණ පැලඳීම අත්‍යවශ්‍යයි.

එමෙන්ම, යටිපතුල් පැලී ඇති විට සහ දෙපාවල තුවාල ඇති විට ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොදා ඉන් ආරක්ෂා වීම ද වැදගත්. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top