47 හැවිරිදි පෙම්වතියට ගිනි තැබූ 23 හැවිරිදි පෙම්වතා
Monday, 26 June 2023 - 11:07 | Views - 2,495
සිය පෙම්වතියට ගිනිතබා ඝාතනය කළ විසි තුන් හැවිරිදි තරුණයකු ලබන මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කර තිබෙනවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ මල්ලාකම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිය 47 හැවිරිදි පෙම්වතිය සමග ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙලෙස, පෙම්වතිය ගිනි තැබීම සිදුකර ඇති බව යි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ,
කෙසේ වෙතත්, පසුව පෙම්වතිය රෝහල් ගත කර තිබෙන නමුත්, එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Share This Article