මුහුණු පොතේ තරුණියක් වගේ රඟපාලා , කොල්ලෙක් අමාරුවේ දාලා..
මුහුණු පොත හරහා ගැහැණු ළමයෙකු ලෙස පෙනී සිටිමින් කතාබහ කොට 14 හැවිරිදි පිරිමි දරුවෙකු ගම්පහ ප්‍රදේශයට ගෙන්වා ගෙන ඔහුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසනවා.
අතවරයට ලක් වූ පිරිමි ළමයා රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අයෙකු වන බවත් මොහුට ගැහැණු ළමයෙකු ලෙස පෙනී සිට ඇති පුද්ගලයා මුහුණු පොත හරහා කතාබහ කොට පසුව ගම්පහට ගෙන්වා ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අතවරයට පත් ළමයාගේ පියා විසින් ගම්පහ පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම ළමයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පියවර ගෙන ඇති අතර ඔහු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබෙනවා.