Temporary රියදුරු බලපත්රයේ වලංගු කාලය දීර්ඝ වෙයි
Tuesday, 20 June 2023 - 15:27 | Views - 1,169
තාවකාලික රියදුරු බලපත්රවල වලංගු කාලය වසර 02ක් තෙක් දීර්ඝ කර ඇති බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
ලබන සඳුදා සිට නිකුත් කරන රියදුරු බලපත්රවල මෙය අදාළ බව සඳහන්.
ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට සකස් කරමින් පවතින අතර මීට පෙර පැවැති කාඩ් හිඟය හේතුවෙන් දැනට ගොඩගැසී ඇති තාවකාලික රියදුරු බලපත්රවල තොගය අවසන් කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
Share This Article