FB එකෙන් හඳුනාගත් අනියම් සැමියාට සිය ගැබිනි බිරිඳ භාර දුන් සැමියා
Tuesday, 20 June 2023 - 9:34 | Views - 1,530
මුහුණු පොතෙන් හඳුනා ගත් අනියම් සැමියා වශයෙන් තබා ගත් පුද්ගලයෙකුට සිය ගැබිනි බිරිඳ ලබා දුන් සැමි‍යෙක් පිළිබඳව කුරුණෑගල තණමල්ගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

35 හැවිරිදි මෙම බිරිඳ ,මුහුණ පොතේ සිටි පුද්ගලයෙකු සමඟ අනියම් සම්බන්ධතාවයක් ගොඩ නඟා ගෙන තිබෙනවා.

පසුව එම අනියම් සැමියාද නිවසට ගෙන්වා ගෙන මෙම කාන්තාව නීත්‍යානුකූල සැමියා සහ අනියම් සැමියා සමඟ කලක් සුහදව සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉන් අනතුරුව බිරිඳ ගැබ් ගැනීමෙන් පසුව අනියම් සැමියා සමඟ එක්වී තමාට නිවසින් යන ලෙස පවසා බිරිඳ විසින් නිතර රණ්ඩු සරුවල් කළ බවයි පැමිණිලිකාර සැමියා පොලීසිය හමුවේ පවසා සිටියේ.

පැමිණිල්ලෙන් අනතුරුව මොවුන් තිදෙනාම පොලීසියට ගෙන්වා ඇති අතර එහිදී බිරිඳ පවසා සිටියේ තව දුරටත් නීත්‍යානුකූල සැමියා සමඟ ජීවත්විය නොහැකි බවයි.

ඉන් අනතුරුව නීත්‍යානුකූල සැමියා විසින් සිය බිරිඳ අනියම් සැමියා වෙත භාර දුන් අතර සිය 10 හැවිරිදි දරුවාද බිරිඳ විසින් ඉල්ලා සිටි අතර නීත්‍යානුකූල සැමියා සිය දරුවාද ලබා දුන් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top