විදුලි බිලට සහන ලැබෙන්නේ මෙහෙමයි
Monday, 19 June 2023 - 16:31 | Views - 1,226
ලබන ජනවාරි මාසයේදී විදුලි ගාස්තුවේ සැලකිය යුතු සහනයක් ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
එසේම ලබන මාසයේ එනම් ( ජුලි මාසයේ ) සිදුකරන සංශෝධනයේදී ද සියයට 27 ක ප්‍රතිශතයකින් විදුලි බිල අඩුකිරීමට යෝජනා කර ඇති බව ද අමාත්‍යවරයා හැටන් ප්‍රදේශයේ පැවති ජන හමුවට එක්වෙමින් සඳහන් කළා.
කෙසේ වෙතත්, ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට විරෝධය දක්වමින් විදුලිබල මණ්ඩලයේ සියලු වෘත්තීය සමිති එක්ව අනිද්දා ලෙඩ නිවාඩු වාර්තා කිරීමට සූදානම් වන බවද ආරංචි මාර්ග සඳහන් කළා.
Share This Article