කල් පවතින පීනසට-කැස්සට පපුවේ සෙමට-ක්ලාන්තය-කරකැවිල්ලට , පුරාණ ප්‍රතිකාර..
Monday, 19 June 2023 - 13:54 | Views - 2,519
අද අප ඔබට ගෙන එන්නේ පුරාණ වෙද පොත්වල එන එදා ගැමි සමාජය සුවපත් කරපු අත් බෙහෙත් කිහිපයකි.

නිතර පවතින පීනසට

අරළු, ඉඟුරු, කටුවැල්බටු, රසකිඳ, සුවඳ කොට්ටන් ආදිය තම්බා එම දියට මී පැණි ස්වල්පයක් දමා පානය කරන්න.

කල් ගත වූ පීනසට

දිනපතා උදේ හිස්බඩ රතු ලූනු හා ගොටුකොළ කොටා මිරිකා ගත් යුෂට මී පැණි දමා බීමෙන් කල් ගත වූ පීනස දුරු වේ.

පීනස් ප්‍රතිශ්‍යාවට

එනසාල්, කොල්ලන් කොළ, කුරුඳු පොතු, නාමල් රේණු යන මේ බෙහෙත් සමසේ රැගෙන කබලකට අඟුරු ගෙන එහි රුවා පොල් කටුවකින් වසා ඇස්ස සිදුරු කොට එයින් නඟිනු ලබන දුම් නාසයට උරන්න.

සඳුන්, දේවදාර ආදී සියලු සුගන්ධ ද්‍රව්‍යයද ඉහත කී පිළිවෙළට නඟින දුම් බොන්න. පීනස් ප්‍රතිශ්‍යාව ගුණ වේ. තිප්පිලි, කළුදුරු පළමු කී ලෙසින් දුම් උරන්න.

ලෙහි රෝග හා ප්‍රතිශ්‍යාවට

ඉඟුරු, පියලි, පිටවක්කා මුල්, මිරිස්, සිද්ධි ගුරු, වගපුල්, සීනි යන මේවා සමසේ ගෙන කල්ක කොට ගෙන අඹරා ගිතෙල් පතක් හා වතුර පත 4ක් වත්කොට කලතා මඳ ගින්නේ කකාරා සම පාතයට බා පෙරා කළඳ බැගින් වළඳන්න. ප්‍රතිශ්‍යා දැලෙහි රුජා, බඩේ රුජා යන රෝග සුව වේ.

පිටවක්කා මුල්, අරළු, සිවිය මුල්, සිද්ධි ගුරු මේවා කළන් තුන බැගින් ගෙන වතුර පත අට එකට සිඳ පෙරා තිප්පිලි කුඩු දමා දෙවේලට බොන්න.

තිප්පිලි, වළඟසහල්, ගජ තිප්පිලි, මිරිස්, කර්කටක සිංගි, සිවිය මුල්, ගුගුල්, එනසහල්, අසමෝදගම්, කටු කරෝසන, කරාබු මුල්, මුරුවා මුල්, අතිඋඩයන් යන මේ බෙහෙත් සමසේ ගෙන කුඩු කර බිළාල පාදයක් පමණ ඉඟුරු යුෂෙන් දෙන්න.

අරළු, සිද්ධිගුරු, සවින්දව, තුන් කළද බැගින් ගෙන උණු දියෙන් අඹරා, උණු දිය පතකට කලතා කටට ගෙන ටික වේලාවක් කට තුළ තබාගෙන සිට කට සෝදා හරින්න.

සවින්දව, මිරිස්, තිප්පිලි, කොහොඹ කොළ කළන් භාගය බැගින් ගෙන අඹරා නස්නාරං ඇඹුලින් කලතා දෙන්න.

පීනසට තවත් බෙහෙත්

මෑතදී විරේකයක් නොකළා නම් විරේකය සඳහා බට දලු, නික දලු, කිරිඅගුණ දලු, ආඩතෝඩ දලු, අමු ඉඟුරු, සුදු ලූනු ටික ටික ගෙන කොටා වණ්ඩුවේ තම්බා මිරිකා පෙරා යෂ්ටි කල්කය සහ බුද්ධරාජ කල්කය මදටිය ඇටයක ප්‍රමාණය බැගින් ගෙන මිශ්‍රකොට අනුපාතයට දිය කොට මී පැණි දමා බොන්න. විරේක දිනයට සුදුසු ආහාර පාන ගැනීම කළ යුතුයි. ඉන්පසු උදේ, සවස කණ්ඨකාර්යව ලේහය තේ හැඳි එක බැගින් හා කටුවැල් බටු, ඉඟුරු, කොත්තමල්ලි තැම්බූ වතුර සීනි දමා බොන්න.

රාත්‍රි නින්දට පෙර කට්ඵලාදී චූර්ණය සහ මානිවත්ත චූර්ණය සමසේ මිශ්‍ර කොට මේස හැඳි එකක් නටන උණු වතුරට දමා නිවුණු පසු පෙරා සීනි දමා බොනු.

නිශාදි තෛලය හිසට දමන්න. පිනි බෑම, නිදි වැරීම, තද අව්වේ බොහෝ වේලා සිටීම, සීත ආහාර ගැනීම හා ඇල්දිය නෑම ආදියෙන් වැළකිය යුතුය.

හිසේ වියළි ගතිය, හිස්හොරි, හිසකෙස් ගැලවී යෑම, ඇස් යට කැක්කුම, උදේට අවදි වූ විට කිවිසුම් යෑම නවතී.

පීනසට කුඩක්

කොල්ලන් කොළ, ඉරිවේරිය, සැවන්න මුල්, මයිල මල්, නාමල් රේණු, සපුමල්, සුදුහඳුන් අගිල්, ඉරමුසු, හීන් එනසාල්, කුරුඳු පොතු, වැල් මී, කළුදුරු, සූදුරු, අසමෝදගම්, වියළි කහ, අබ යන මේවා සමව ගෙන වියළා කුඩු කර නාසයට උරන්න. සියලු හිසේ රෝග සුව වේ.

ගම්මිරිස්, වියළි ඉඟුරු, තිප්පිලි, සවිඳලුණු, කපුරු යන මේවා සමව ගෙන චූර්ණ කොට සුළං නොවදින සේ තබාගෙන දවසට දෙවරක් නාසයට උරන්න.

පීනස් තෙලක්

ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, කළුදුරු, සූදුරු, පෙරුම්කායම්, වැල් මී, කරාබු නැටි, කළන් 1 බැගින් ගෙන තලතෙල් බෝතලයක්ද දමා එයට රතු ලූනු අහුරක්ද එක් කොට ළිප තබා රතු ලූනු, හොඳට තැම්බුණාට පසු රොඩු ඉවත් කොට බෝතලයකට දමා වරින් වර හිස ගල්වන්න. හිසේ බර ගතිය අඩු වේ.

ක්ලාන්තයට හා කරකැවිල්ලට

එරඬු මුල්, බෙලි මුල්, බටු මුල්, කටුවැල් බටු, නස්නාරං මුල්, පොල්පලා, හීන් ගොකටු මේවා කළඳයි, මංචාඩි 14 බැගින් ගෙන වතුර පත අට එකට සිඳුවා පෙරා යවකාර ලුණු, සවිඳ ලුණු, පෙරුම්කායම්, එරඬු තෙල් දමා උදේ සවස සීනි දමා බොන්න.

ඉන්පසු උදේ සවස රෂ්නාදී ගුග්ගුල, දෙවර්ගය මී පැණි සමඟ කා පොල්පලා තැම්බූ වතුර බොන්න. දවාලට, රාත්‍රියට කෑමට පෙර දශමූල අරිෂ්ටය මේස හැඳි දෙක බැගින් බොන්න. රාත්‍රි නින්දට පෙර මානිභද්‍ර මෝදකය බටු ගෙඩියක් පමණ කා නිවුණු වතුර බොන්න.

පීනසට තවත් බෙහෙත්

ගොටු දඬු, වළඟසහල් ඉඟුරු පියලි, රතු ලූනු කළන් තුන බැගින් ගෙන වතුර පත අට එකට සිඳුවා පෙරා සීනි, මී පැණි දමා දෙවේල බැගින් පත 6ක් පමණ බොන්න.

ඉන්පසු කණ්ඨකාරී අවලේහ තේ හැඳි එක බැගින් උදේ සවස වළ¼දා, කටුවැල්බටු, වියළි ඉඟුරු තැම්බූ වතුර සීනි දමා බොන්න.

දවල්ට රෑට කෑමට පෙර කුලන්ථාදී¿වාථ මේස හැඳි 2 බැගින් බොන්න. නිශාදි තෛලය හිසේ ගාන්න. නාසයටද උරන්න.

(ආහාර විහරණවලින්ද පරිස්සම් විය යුතුයි. නිදි මැරීම, පිනි බෑම, අලුයම හෝ සන්ධ්‍යා කාලයේ නෑම, අව්වේ සිටීම ආදී දෙයින්ද, අධික ශීතල පාන ගැනීමෙන් තෙල් බැදුම්, අධික ගිනියම් ආහාර ගැනීමෙන්ද, වළකින්න.)

කොල්ලු, බෙලිමුල්, අරළු, බුළු, නෙල්ලි, වියළි ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, කළුදුරු, අසමෝදගම්, සිවිය මුල් මේවා එක වගෙන් කළඳ බැගින් ගෙන වතුර පත අට එකට සිඳ පෙරා සීනි මී පැණි දමා උදේ සවස කාල් කිහිපයක් බොන්න.

ඉන්පසු කණ්ඨකාරී ලේහය, කාර්සව ලේහය තේ හැඳි එක බැගින් වළ¼දා ඉඟුරු, කොත්තමල්ලි තැම්බූ වතුර සීනි දමා බොන්න.

දවල්ට, රෑට කෑමට පෙර පෙර කාමල කන්‍යාදී ¿වාථය මේස හැඳි දෙක බැගින් බොන්න.

රාත්‍රි නින්දට පෙර කට්ටපලාදී චූර්ණය තේ හැඳි එකක් පමණ ගෙන නටන වතුර පීරිසි කෝප්ප භාගයකට දමා තැම්බෙන්නට වසා තබා නිවුණු පසු පෙරා සීනි දමා බොන්න.

පීනසාමෘත තෛලය හිසේ ගාන්න. නාසයට උරන්න.

අරළු, බුළු, නෙල්ලි මෙම තුන් වර්ගය එක පමණට ගෙන චූර්ණ කර සවිඳ ලුණු, කපුරු දමා එකට කලවම් කර මංචාඩියක් පමණ නාසයට උරන්න. නාසයෙන් දියර ගැලීම, කිවිසුම් යෑම, හිස රුජා, සෙම්ප්‍රතිශ්‍යා මේ හැම නසයි.


සුශ්‍රැත සංහිතාව ඇසුරෙනි
විජිත කේ. පතිරණ
උපුටා ගැනීමකි.. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top