හැම පැත්තෙන්ම බැලුවත් ඔයා හරි ලස්සනයි, කිවුවාට මාංචු ..
Monday, 19 June 2023 - 11:43 | Views - 543
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ කනිෂ්ඨ නීතිඥවරියකට අධිකරණය පරිශ්‍රය අසල දී අතවර කිරීමට තැත් කරන ලද පුද්ගලයෙක් 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබෙනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42ක් වූ විවාහක පුද්ගලයෙක් බව සඳහන්.

පැමිණිලිකාරිය වන තරුණ නීතිඥවරියගේ ගෙල ප්‍රදේශයේ කුරුල්ලකුගේ සලකුණක් සහිත පච්චයක් කොටා තිබූ අතර මෙම සිද්ධිය වන අවස්ථාවේ නීතිඥවරිය තම සේවාදායකයාට අධිකරණයේ දඩ මුදල් ගෙවන ස්ථානය පෙන්වීමට එම ස්ථානයට පැමිණ ඇති බව සඳහන්.

එම ස්ථානයේ සිටි සැකකරු නීතිඥවරියගේ ගෙලෙහි වූ පච්චය දැක ඔයා හරි ලස්සනයි' කියමින් කෑ ගසා ඇති බවයි වාර්තා වෙන්නේ.

එම අවස්ථාවේදී ඇය තමා නිතිඥවරියක් යැයි පවසා ඔහුගෙන් ගැලවී අසල වූ අධිකරණ ශාලාව වෙත ගමන් කරද්දී ඇය පසුපස ලුහුබඳිමින් ඔයා හරි ලස්සනයි, හැම පැත්තෙන්ම බැලුවත් ලස්සනයි කියමින් තවත් නොමනා වදන් පවසමින් ඇයට අතවර කළ බවටයි පැමිණිල්ලේ සඳහන් වෙන්නේ.

එහිදී පොලිස් අත්අඩංගුවට ගැනුණු සැකකරු මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනයක් කර 'බී' වාර්තාවක් මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබෙනවා.

මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පැමිණිල්ල මෙහෙය වූ අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ, නීතිඥවරියෝ 100 කට අධික පිරිසක් පෙනී සිටි බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top