ලොතරැයි පතක මිල දෙගුණයකින් ඉහළ දැමීම සදහා මහ භාණ්ඩාගාරයෙන් අනුමැතිය හිමිව ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය පවසනවා.
ඒ අනුව ඉදිරියේදී ලොතරැයි පතක මිල රුපියල් 40 දක්වා ඉහළ දැමීමට නියමිතයි.
දැනට ලොතරැයි පතක් අළෙවි වන්නේ රුපියල් 20කට වන අතර මිල දෙගුණයකින් ඉහළ දැමීමත් සමග ලොතරැයි දිනුම් ඇදීම්වලදී ලබාදෙන ත්‍යාග මුදලද ඊට සමගාමීව ඉහළ නැංවීමට සැළසුම් කර ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය සදහන් කළා.
එමෙන්ම අදාළ මිල ඉහළ නැංවීම ලබන ජුලි මාස 6 වන දා සිට සිදු කිරීමට මීට පෙර තීරණය කර තිබුණද ඒ පිළිබද යලි සළකා බැලීමට නියමිතව ඇති බව සදහන්.
ඒ අනුව මිල වැඩි වීම බලාත්මක වන දිනය සම්බන්ධයෙන් මෙම සතිය තුළ අවසන් තීරණයක් ගන්නා බවයි ජාතික ලොතරැයි මණ්ඩලය සදහන් කළේ.