අධ්‍යාපනයත් ඩිජිටල්කරණය කරන්න සැලසුම්
Friday, 16 June 2023 - 15:17 | Views - 588
විද්‍යා පීඨ 19ක පුහුණුව ලද ශික්ෂණ ඩිප්ලෝමාධාරීන් 7342ක් සඳහා ගුරු පත්වීම් ලබා දීමට හැකි වූ බවත් ඒ සඳහා අඩිතාලම වැටුණේ, 1980 දශකයේ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිසා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවා.

1985 වසරේ ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීමෙන් අනතුරුව 1986 වර්ෂයේදී විද්‍යා පීඨ පනත හඳුන්වා දී විද්‍යාපීඨ පද්ධතියක් බිහි කරමින්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ක්ෂේත්‍රයට එවක සිදු කළ සේවාව නිසා බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ විද්‍යා පීඨ ගුරු පත්වීම් ප්‍රදානය වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී අද (16) පැවති ප්‍රධාන වැඩසටහනට එක් වෙමින්.

එහිදී බස්නාහිර පළාත් හා ජාතික පාසල්වලට අදාළ ගුරු පත්වීම් 2355ක් ප්‍රදානය කිරීම ජනාධිපතිවරයාගේ හා අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර ඉතිරි විද්‍යාපීඨ පත්වීම් ප්‍රදානය කිරීම ද ඊට සමගාමීව පළාත් පළාත් 8ක සිදු වුණා.

ඉදිරියේදී මෙම විද්‍යා පීඨ ශික්ෂණ ඩිප්ලෝමාව සිවු වසරක් දක්වා දීර්ඝ කර උපාධි පාඨමාලාවක් දක්වා සංවර්ධනය කරන අතර දැනට ඩිප්ලෝමාව සම්පූර්ණ කළ ගුරුවරුන්ට එය උපාධියක් දක්වා වර්ධනය කර ගැනීමේ අවස්ථාව සලසා දෙන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසුවා.

ඒ සඳහා මීපේ පිහිටුවා ඇති දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය මගින් ඉදිරියේදී ලබා දෙන පශ්චාද් උපාධි පාඨමාලා උපස්ථම්භක වන බවත් ජාතික අධ්‍යාපන ආයතනය හා ගුරු අභ්‍යාස විද්‍යාල වැනි අදාළ ආයතන සමඟ එක්ව එම වැඩසටහන් සංවිධානය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

තවදුරත් අදහස් දක්වමින් අධ්‍යාපන ඇමැතිවරයා පැවසුවේ 2030 වන විට සපුරාගත යුතු තිරසර ඉලක්ක හඹා යන ගුණාත්මක අධ්‍යාපනයක දරුවන් නිරත කරවීමේ නියමුවන් ලෙස අද පත්වීම් ලබන ගුරුභවතුන් අධ්‍යාපන පද්ධතියට පිළිගන්නා බවයි.

එමෙන්ම අනිවාර්ය අධ්‍යාපනය අවුරුදු 15 දක්වා ලබා දෙමින් සංවර්ධිත රටකට සමාන ප්‍රතිශතාත්මක අගයක් රඳවාගැනීමට ද අපට හැකියාව පවතින බව ද හෙතෙම පෙන්වා දුන්නා.

අවශ්‍ය ආයතන පිහිටුවීම හා නව තාක්ෂණය භාවිත කිරීම ඒ සඳහා මනා පිටුබලයක්ව ඇති බවත් රජය විසින් ක්‍රියාවට නංවා ඇති රාජ්‍ය හා සෙසු සේවා ඩිජිටල්කරණය කිරිමේ වැඩපිළිවෙළට අදාළව අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් කොටස ක්‍රියාවට නැංවීමට අවශ්‍ය සැලසුම් මේ වන විට සකසා ඇති බවත් අමාත්‍යවරයාගේ කතාවේ අන්තර්ගත වුණා.

වෙසෙසින්ම දැනුම අතින් ඉදිරියෙන් සිටින අපට ආකල්පමය වෙනසකටත් වඩා අත්‍යවශ්‍යව ඇත්තේ කුසලතා වර්ධනයක් බවත් ඒ සඳහා අනාගත පරපුර රැගෙන යාම නව පත්වීම්ලාභී ගුරු භවතුන් වෙත පැවරෙන පැහැර හැරිය නොහැකි වගකීමක් බවත් සිහිපත් කළ අමාත්‍යවරයා පාසල්වල පවතින ගුරු හිඟය මගහැරවීම සඳහා කඩිනමින් මෙම පත්වීම් ලබා දීමට කැප වී ක්‍රියා කළ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට ප්‍රශංසාව පළ කළ අතර මේ අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිවරයාට ද සිය කෘතවේදීත්වය පළ කර සිටියා.
 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top