පැමිණිල්ලක් දාන්න ගිය තරුණිය, ගැබිණියක් කළ කොස්තාපල්
Friday, 16 June 2023 - 10:40 | Views - 1,701
පියාගෙන් සිදුවන කරදර සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට ගිය තරුණියක් ගැබිණියක් කිරීමට කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයකු ගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.

සිදුවීම සඳහන් වන්නේ මෙසේයි..

පෙබරවාරි මාසයේ දිනක ගැබ් ගත් බව කියන තරුණිය සිය මව සමග පොලීසියට පැමිණ ඇත්තේ සිය පියාගෙන් සිදුවන හිරිහැර සම්බන්ධව පැමිණිල්ලක් සිදු කිරීමට ය.එහෙත් කාන්තා පොලිස් නිලධාරිනියක් නොමැති බව පවසා එදින රැය පහන් වන තුරු ඔවුන් පොලිස් ස්ථානයේ රඳවා තබා ගැනීමට පොලිස් කොස්තාපල්වරයා කටයුතු කර තිබෙනවා. එසේම, තරුණියගේ ජංගම දුරකථන අංකය ලබා ලබා ගත් පොලිස් කොස්තාපල්වරයා ඇයට ඇමතුමක් ලබාදී මුදල් හා පරිගණකයක් ලබා දෙන බව පවසමින් කල්ලඩි ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් අඹු සැමියන් ලෙස හැසිරී ඇති බවටයි සඳහන් වන්නේ.

ඉන් අනතුරුව සති කිහිපයකට පසු ඇය ගැබ් ගෙන තිබෙන බව පොලිස් කොස්තාපල්වරයා දැනුවත් කිරීමෙන් අනතුරුව කොස්තාපල්වරයා ඇයව මඟ හැරීමට කටයුතු කර තිබෙනවා.

පසුව තරුණිය පොලිස් පොලිස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විමර්ශන සිදුකර තිබෙන අතර, විමර්ශනවලට අදාළව පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇති බවටයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top