සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට
Friday, 16 June 2023 - 9:31 | Views - 1,139
ලංකා සතොස අලෙවිසැල් ජාලය මගින් ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දමා තිබෙනවා.
ඒ අනුව, වටානා කිලෝග්‍රෑමයක මිල රුපියල් 13කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 275ක්.
පාන්පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 5කින් අඩු කිරීමත් සමග එහි නව මිල රුපියල් 195ක් වන අතර රතු පරිප්පු රුපියල් 4කින් අඩු කර රුපියල් 295 කට අලෙවි වෙනවා.
Share This Article