පාරිසරික හා දේශගුණික සැලැස්මක් - කොළඹට
Friday, 16 June 2023 - 9:27 | Views - 635
කොළඹ නගරය උදෙසා පළමු වරට පාරිසරික හා දේශගුණික සැලැස්මක් සකස් කිරීමේ කටයුතු පරිසර අමාත්‍යාංශයේ සහය ඇතිව කොළඹ නගර සභාව විසින් ආරම්භ කර තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන කියා සිටිය් එහි පළමු සාකච්ඡාව පරිසර අමාත්‍යාංශය සමග පැවැත්වූ බවයි.

මෙතෙක් කොළඹ නගරය සඳහා පාරිසරික හා දේශගුණික සැලැස්මක් නොතිබූ බව පෙන්වා දී ඇති කොළඹ සංවර්ධන කමිටු සභාපති යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා, මෙවැනි සැලැස්මක් මගින්, කොළඹ නගරයේ දිවා හා රාත්‍රී කාලයේ දී වාතාශ්‍රයේ ගුණාත්මක බව රැකගත හැකි බව ද පෙන්වා දී තිබෙනවා.

නැවත කොළඹ නගරය, ආසියාවේ හරිත පුරවරය ලෙස දියුණු කිරීම කළ හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.

කොළඹ නාගරික කොමසාරිස්වරිය සඳහන් කළේ, කැළණි නදියේ ජලයේ ගුණාත්මකභාවය, වෙරළ තීරයේ පාරිසරික පද්ධතිය සුරැකීම, කඩොලාන හා ජලජ ජීවින් ආරක්ෂක පද්ධතිය රැකගැනීම, වන ගහණය සහ වෘක්ෂලතා ආරක්ෂක විධිවිධානද මෙහිදී සලකා බැලෙන බවයි.

බේරේ වැව, ඇළමාර්ග හා කානු පද්ධති සෞඛ්‍ය සනීපාරක්ෂාව උසස් වන් අයුරින් කළමණාකරණය කරලීම, නගරයේ සනීපාරක්ෂාව, අලංකාරය හා ස්වභාවික උරුමයන් ආරක්ෂා කිරීමට ද, කොළඹ නගරයේ පාරිසරික හා දේශගුණික සැලැස්මෙන් ඉටු කරගත හැකි බව, භද්‍රානි ජයවර්ධන පැවසුවා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top