නොසිතූ ලෙස අද ඩොලරය ඉහළට
Thursday, 15 June 2023 - 11:17 | Views - 2,616
එක්සත් ජනපද ඩොලරයක අද (15) ගැනුම් මිල රු. 315ක් දක්වාත් විකුණුම් මිල රු. 335ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ ද ඩොලරය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබූ අතර එය රුපියල් 9.77ක අගයක් බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් මෙරට වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් වෙනස් වී තිබූ වාර්තා වෙනවා.

ඒ අනුව මහජන බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු. 313.46 අතර විකුණුම් මිල සටහන් වූයේ රු. 328.20 ලෙසයි.

ලංකා බැංකුවේ එම අගය රු. 315.00 ලෙස හා විකුණුම් මිල රු. 335.00 ලෙස වෙනස් වුණා.

සම්පත් බැංකුව එම අගයන් වාර්තා කර තිබුණේ රු. 311.28 හා රු. 328.00 ලෙසයි.

NDB හි ඩොලරයේ ගැනුම් මිල රු. 307.00 වූ අතර එහි විකුණුම් මිල රු. 327.00 ලෙස වාර්තා වී තිබෙනවා.

එමෙන්ම HNB හි එම අගයන් රු. - රු. 313.00 හා රු. 330.00 ලෙස ප්‍රදර්ශනය කර තිබූ බවයි වාර්තා වන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top