වාහන ආනයනය සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ?
Tuesday, 13 June 2023 - 14:24 | Views - 277
වාහන ආනයන සම්බන්ධයෙන් ආණ්ඩුව කඩිනම් තීරණයක් ගන්නා බව ජාතික ආර්ථිකය හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ඔහුගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව පසුගියදා රැස්වූ අතර එහිදී රේගු නිලධාරින් ප්‍රකාශ කළේ වාහන ආනයනය අත්හිටුවීම ඇතුළු භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමාවන් හේතුවෙන් මේ වසරේ අයවැයෙන් අපේක්ෂා කරන ආදායම ලඟාකර ගැනීමට රේගුවට නොහැකි වී ඇති බවයි.

රේගුවෙන් රුපියල් බිලියන 1,226ක ආදායමක් මෙම වසරේ අපේක්ෂා කරන නමුත් මුල් මාස 05 තුළ දී උපයා ගෙන ඇත්තේ රුපියල් බිලියන 330ක් පමණක් බව මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළා.

මේ මස සිට වාහන ආයනයනයට අවසර දෙන්නේ නම් ඉදිරි මාස 06 ඇතුළත රුපියල් බිලියන 150ක් බදු ලෙස ලබාගත හැකි බව ඔවුන් පෙන්වා දුන්නා.

රේගු නිලධාරින් එහිදී සඳහන් කළේ ණය ආධාර ක්‍රමයක් යටතේ වෙනත් රටක් සමඟ සම්බන්ධ වී වාහන ආනයනය කළහොත් විදේශ විනිමය ඉතිරි කරගනිමින් රේගු ආදායම වර්ධනය කරගත හැකි බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top