මැතිවරණ විශේෂ විධිවිධාන පනත නමින් නව පනතක්
Tuesday, 13 June 2023 - 11:24 | Views - 481
මැතිවරණ විශේෂ විධිවිධාන පනත නමින් නව පනතක් හදුන්වාදීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.
පසුගිය වසරේ දෙසැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණ පනත, පළාත් පාලන ඡන්ද විමසීමේ ආඥා පනත, ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ විශේෂ විධිවිධාන පනත සහ පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරනු ලැබුවා.
කෙසේ වෙතත් වෙන් වෙන් වශයෙන් පනත් සංශෝධනය කිරීම වෙනුවට නව මැතිවරණ පනතක් හදුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා.
Share This Article