ලාදුරු රෝගීන්ගේ වර්ධනයක්
Tuesday, 13 June 2023 - 9:45 | Views - 2,949
කළුතර දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි කළුතර ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් පවසනවා.
පානදුර, වාද්දුව, හොරණ ඇතුළුව තවත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල ගණනාවකින් රෝගීන් වාර්තා වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
හදුනාගත් රෝගීන් පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුකර ඇති බවද සෞඛ්‍ය ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබෙනවා.
මේ පිළිබඳ අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය වෛද්‍ය ප්‍රකාශකයෙක් සදහන් කළේ රෝගී පවුල් යම් ප්‍රමාණයක් වාර්තා වන අතර එවැනි රෝගීන් පිළිබඳ සොයා බැලීමට වෙනම සෞඛ්‍ය පරීක්ෂකවරයින් පත්කර ඇති බවයි.
සම මතුපිට හැගීම් නොදැනෙන ලප දක්නට ලැබෙන්නේ නම් ඉතා ඉක්මනින් රජයේ රෝහලක් වෙත යොමුවන ලෙසත් ලාදුරු රෝගය නිට්ටාවට සුව කළ හැකි බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.
Share This Article