අද්භූත බලවේගයක් ඉවත් කරන්න ගිය සිසුවියක් අපයෝජනය කල කපුවා
Monday, 12 June 2023 - 11:26 | Views - 896
සාමාන්‍ය පෙළ සිසුවියකගේ සිරුර තුළ තිබෙන්නා වූ අද්භූත බලවේගයක් ඉවත් කර දෙන බව පවසා දේවාලයක් තුළදී එම සිසුවිය අපයෝජනය කල කපුවෙකු අත්අඩංගුවට ගැනීමට කොකාවැව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
නිට්ටඹුව කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවියගේ සිරුර තුළ තිබෙන බව කියන භූත ආත්මය හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ද ඇයට මුහුණ දීමට නොහැකිව තිබෙනවා.
එම බලවේගය ඉවත් කර දෙන බවට කොකාවැව අලුත් දිවුල්වැව දේවාලයේ කපුවෙකු පොරොන්දු වීමෙන් අනතුරුව මෙම දැරිය සිය මවුපියන් සමඟ එම ස්ථානයට ගොස් තිබෙනවා.
දේවාලය තුළට තනිවම ගෙන්වා ගත් දැරිය අපයෝජනයට ලක්කර ඇති අතර එම අවස්ථාවේ දැරිය කිසිවක් පවසා නැති බව පොලිසිය පවසනවා.
කෙසේ වෙතත්, දැරිය නිට්ටඹුවේ නිවසට පැමිණීමෙන් පසුව තමන්ට වූ කරදරය දෙමව්පියන්ට පවසා තිබෙනවා.
පසුව ඇය වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව නිට්ටඹුව පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරි විමර්ශන සඳහා කොකාවැව පොලිසිය දැනුවත් කර තිබෙනවා.
මේ වන විට කැලෑබද ප්‍රදේශයක සැඟව සිටින කපුවා සොයා කොකාවැව පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
Share This Article