හමුදා සෙබළා දිවි තොර කර ගත්තේ, අනියම් පෙම නිසාද ?
Monday, 12 June 2023 - 10:15 | Views - 2,104
අනියම් පෙම අහිමි වූ හේතුව නිසා සිත් තැවුලට පත් වූ නාවික හමුදා සෙබළකු ඊයේ (11) ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
සිය දිවි හානි කර ගත් නාවික සෙබළා දෙදරු පියකු වන අතර ගලේවෙල පොලිස් බල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
යාබද නිවෙසක කාන්තාවක් සමඟ පවත්වන ලද අනියම් සම්බන්ධතාවය සිය බිරියට ආරංචි වීමෙන් අනතුරුව ඇය ද දරුවන් සමඟ නිවෙසින් පිටව ගොස් තිබෙනවා.
ඉන්පසුව අනියම් පෙම්වතිය ද විරසක වී ඇති අතර එම හේතූන් නිසා සෙබළා දිවි නසාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
මේ පිලිබඳ වැඩිදුර විමර්ශන ගලේවෙල පොලිසිය සිදුකරනු ලබනවා.
Share This Article