ඊ ටිකටින් ක්‍රමවේදය මාස දෙකක් ඇතුළත ?
Monday, 12 June 2023 - 9:38 | Views - 441
ඉදිරි මාස දෙකක් ඇතුළත ඊ ටිකටින් ක්‍රමවේදය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඊයේ (11) කොළඹ දී පැවති උත්සවයකදී ඔහු කියා සිටියේ ඒ තුළින් වංචනික ක්‍රියා හරහා ලංගමයට අහිමිවන ආදායම යළි ලබා ගැනීමට හැකිවනු ඇති බවයි.

කටුබැද්ද සංචාරක ඩිපෝවට අයත් සුඛෝපබෝගී බස් රථයක් මාතර සිට මාකුඹුර දක්වා ධාවනය කිරීමේ දී ගමනා ගමන මණ්ඩලය මගින් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා ලබා දී තිබූ ටිකට් යන්ත්‍රය භාවිත නොකර වෙනත් ප්‍රවේශපත් පොතකින් මගීන්ට ටිකට්පත් නිකුත් කිරීමේ ජාවාරමක් පිළිබඳ පෙරේදා (10) අනාවරණ කරගෙන තිබුණා.

ඒ නාරාහෙන්පිට මධ්‍යම පරීක්ෂක නිලධාරීන් විසින්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිලි කරන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top