ඉදිරි මාස දෙකක් ඇතුළත ඊ ටිකටින් ක්‍රමවේදය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඊයේ (11) කොළඹ දී පැවති උත්සවයකදී ඔහු කියා සිටියේ ඒ තුළින් වංචනික ක්‍රියා හරහා ලංගමයට අහිමිවන ආදායම යළි ලබා ගැනීමට හැකිවනු ඇති බවයි.
කටුබැද්ද සංචාරක ඩිපෝවට අයත් සුඛෝපබෝගී බස් රථයක් මාතර සිට මාකුඹුර දක්වා ධාවනය කිරීමේ දී ගමනා ගමන මණ්ඩලය මගින් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා ලබා දී තිබූ ටිකට් යන්ත්‍රය භාවිත නොකර වෙනත් ප්‍රවේශපත් පොතකින් මගීන්ට ටිකට්පත් නිකුත් කිරීමේ ජාවාරමක් පිළිබඳ පෙරේදා (10) අනාවරණ කරගෙන තිබුණා.
ඒ නාරාහෙන්පිට මධ්‍යම පරීක්ෂක නිලධාරීන් විසින්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිලි කරන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ.