තම දරුවා බේරාගන්න කිලෝමීටර් 196ක් පිම්මේ ගිය පියෙක්..
Sunday, 11 June 2023 - 11:38 | Views - 1,252
පියවරුන් දරුවන්ට කොතෙක් සෙනෙහස දැක්වුවත් සමාජයේ වැඩිපුරම කතාබහට ලක්වෙන්නේ මවු සෙනෙහස ගැනයි. එයට හේතුවන්නේ බොහෝ පියවරුන්ගේ දරු සෙනෙහස සිත තුළම ගුලි වී තිබිමයි. දරුවන්ගේ වැඩවලදී සෑම මොහොතකම ඉස්සර වන්නේ මවුවරුන්. මේ නිසා තමයි පියවරුන් සමාජය තුළ කැපී පෙනෙන්නේ නැත්තේ. කලාව තුළ කවි ගී ලියැවුණත්, ලියැවෙන්නේ මවු සෙනෙහස ගැන. අද අපි කියන්නේ පිය සෙනෙහස හද පත්ලෙන්ම පෙන්වූ තාත්තා කෙනෙක් ගැන. මේ තාත්තා තමන්ගේ දරුවා බේරා ගන්න දරුවා බස් රථයක නංවාගෙන කිලෝමීටර් 196ක් දුර එක පිම්මේ ගිහින්. මේ කතාව අපට වාර්තා වන්නේ නුවරඑළිය රෝහලෙන්. විනෝද චාරිකාවක් සඳහා කළුතර බේරුවල ප්‍රදේශයේ සිට බස් රථයකින් නුවරඑළියට පැමිණි පිරිසක් අතර සිටි වයස අවුරුදු 15ක දරුවකු හදිසියේ අසනීප වෙන්නේ පසුගිය මැයි 27 වැනිදා රාත්‍රියේ. සිහිසුන් වී සිටි දරුවා ඔවුන් පැමිණි බස් රථයෙන්ම නුවරඑළිය මහ රෝහලට ගෙන ගියේ මේ දරුවාගේ පියා. රෝහලට රැගෙන ආ විට මුලින්ම කළ යුතු වන්නේ රෝගියා ලියාපදිංචි කිරිම වුණත් මේ රෝහලේ වෛද්‍යවරු මුලින්ම කළේ දරුවාගේ ජීවිතය බේරා ගන්න කටයුතු කිරීම. දරුවා පරීක්ෂා කරපු වෛද්‍යවරු පවසා තිබෙන්නේ ඒ වන විටත් දරුවා මියගොස් ඇති බවයි. එය පිළි නොගත් මේ පියා වෛද්‍යවරුන්ට කිව්වේ මෙහෙම කතාවක්. “මීට කලිනුත් දරුවා ඔය වගේ අසනීප වෙලා තියෙනවා. ඒ වෙලාවට දොස්තරලා දරුවා මැරිලා කියලා මට බොරු කළා. ඒත් ටික වෙලාවකින් දරුවට සිහිය එනවා. මම පෞද්ගලික රෝහලකට ගෙනිහින් මගේ දරුවා බේරාගන්නම්'' කියායි. පසුව එම බසයෙන්ම සිය දරුවා රෝහලෙන් රැගෙන කළුතර බේරුවල පෞද්ගලික රෝහලට ගෙන ගොස් ඇත්තේ දරුවා පවුලේ වෛද්‍යවරයාට පෙන්වීමට. නුවරඑළියේ සිට සිය දරුවාවත් නංවාගෙන කිලෝමීටර 196 ක් එක පිම්මට බස් රිය පදවාගෙන කළුතර බේරුවල පෞද්ගලික රෝහලකට පැමිණියත් එම රෝහලෙන් පවසා ඇත්තේත් මේ දරුවා මියගොස් ඇති බව. කිලෝමීටර් 196ක් එක පිම්මට බස් රථය පදවාගෙන එන එක පහසු කාර්යයක් නොවෙයි. ලේන් අම්මා මුහුදට වැටුණ ලේන් පැටියව ගන්න මහ මුහුදක් හිස් කරා කියලා අපි අහල තියනවා. ඒ අම්මා කෙනෙකුගේ ආදරයක්. ඊට නොදෙවෙනි සෙනෙහසක් පියෙකුගේ හදවතේ නිහඬවම තැන්පත් වෙලා තියන බව මේ පියාගේ ක්‍රියාවෙන්ම ඔප්පු වෙලා තියෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top