පළමු පාසල් වාරයේ 03 වන අදියර ලබන සඳුදා ඇරඹෙයි
Thursday, 08 June 2023 - 10:39 | Views - 806
මේ දිනවල පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය අද අවසන් වනවා.
පසුගිය මස 29 වනදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568 කදී සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වුණා.
පැවති කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට ප්‍රධාන විභාග පවත්වන කාල සීමාවන් විවිධ සංශෝධනයන්ට ලක්වූ අතර පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ විභාගයයි මෙලෙස මාස 05 කින් පමණ පසුව ආරම්භ වුණේ.
මේ අතර රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ 03 වන අදියර ලබන සඳුදා ආරම්භ වීමට නියමිතයි.
Share This Article