ප්ලාස්ටික් බෝතල්වලින් ඇඳුම්..
Thursday, 08 June 2023 - 10:16 | Views - 478
ප්ලාස්ටික් බෝතල්වලින් ඇඳුම් නිර්මාණය කිරීමට ඩුබායි සමාගමක් කටයුතු කරන බව වාර්තා වල සඳහන් වනවා. මෙම වසර තුළ ප්ලාස්ටික් බෝතල් බිලියනයක් ප්රතිචක්රීකරණයට ලක් කරමින් ඇඳුම් නිර්මාණය කිරීමට එම සමාගම අපේක්ෂා කරන බවද එම වාර්තා වල සඳහන් වනවා.
ප්ලාස්ටික් බෝතල් ප්රතිචක්රීකරණය කිරීමෙන් පසු පොලියෙස්ටර් නූල් නිර්මාණය කිරීමට කටයුතු කරන අතර, එයින් පරිසර හානියද අවම වන බවයි සඳහන් වන්නේ.
එසේම,මෙමඟින් ප්රතිචක්රීකරණය කරන ලද බෝතල් වලින් සාදන ලද ඇදුම් සාම්ප්රදායික පොලියෙස්ටර් ඇඳුම්වලට සාපේක්ෂව සියයට 12 සිට 15 අඩු මිලකින් මිලදී ගත හැකිය.
තවද මෙම නිෂ්පාදන ක්රියාවලිය පරිසර හිතකාමී එකක් බව කළමනාකාර සමාගමේ අධ්යක්ෂවරිය වන එමා බාබර් ප්රකාශ කළා ය.
( උපුටා ගැනීම - ලංකාදීප )
Share This Article