මිල උඩ යවන්න - තෙල් කප්පාදුවක් ?
Monday, 05 June 2023 - 12:19 | Views - 1,336
ඉහළ මිලක් ලබාගැනීමේ අරමුණින් නිෂ්පාදන කප්පාදුවක් කිරීමට සෞදි අරාබිය ප්‍රමුඛ ලොව තෙල් නිපදවන කරන රටවල් එකඟතාවකට පැමිණ තිබෙනවා.
ඒ අනුව සෞදි අරාබිය විසින් මෙම මාසයේ දී දිනකට බැරල් මිලියනයක කප්පාදුවක් කිරීමට එකඟ වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
සෞදි අරාබිය විසින් මීට පෙර නිපදවා තිබූ ඉන්ධන ප්‍රමාණය දිනකට බැරල් මිලියන 10 ක්.
එය වසර ගණනාවකින් සිදුවන විශාලතම කප්පාදුව බව විදෙස් වාර්තා සඳහන් කළා.
මෙම තීරණය 2024 වර්ෂය දක්වා අඛන්ඩව ක්‍රියාත්මක කිරීමටයි එම රටවල් එකඟතාවකට පැමිණ ඇත්තේ.
මෙම තීරණයත් සමඟ ලෝක වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල 1.95%කින් වැඩිවී ඩොලර් 73යි ශත 9ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් 1.88%කින් ඉහළ ගොස් ඩොලර් 77යි ශත 58ක් ලෙස සටහන් වුණා. #
Share This Article