එක් දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍රයක් පැය දෙකකදී ලබා ගතහැකි ක්‍රමවේදයක් මේ වන විට සකසා ඇති බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසනවා.
බත්තරමුල්ලේ පිහිටි එම දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව කියා සිටියේ.
නීතිවිරෝධීව මුදල් ලබා ගනිමින් විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ ජාවාරමක් පිළිබඳ හිරු සී.අයි.ඒ පසුගිය දා අනාවරණය කළා.
පසුව ඊට සම්බන්ධ තැරැව්කරුවන් ඇතුළු 19 ක් අත්අඩංගුවට ගත් අතර ඊට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිළධාරීණියක්ද ඇතුළත්.
අදාළ ජාවාරම ක්‍රියාත්මක සමයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන අංශයේ අධික තදබදයක්ද පැවතියා.