රුපියල් 15000/= සිට 25000/= දක්වා ඉහළ මිල ගණන්වලට ලැබෙන අමුතුම පහස, කොටු වුණේ මෙහෙමයි
Friday, 02 June 2023 - 14:10 | Views - 2,628
ගල්කිස්ස වෙරළ පාර ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වා‍ෙගන යනු ලැබූ මහා පරිමාණයේ ගණිකා නිවාසයක් ගල්කිස්ස දූෂණ මර්දන අංශය මඟින් 30 වන දින වටලා එහි කළමනාකාරිය සමඟ ගණිකා වෘත්තියට පැමිණ සිටි සුරූපී ළාබාල තරුණියන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලිසිය පැවසීය.

අත්අඩංගුවට පත් කළමනාකාරිය වීරකැටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (44) ක් ද අනිකුත් කාන්තාවන් වීරකැටිය, අනුරාධපුරය, කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25ත් 35ත් අතර පසුවන සුරූපි තරුණියන් ද වන බවත් මොවුන් කොළඹ ප්‍රදේශයේ විවිධ ආයතනවල ඉහළ රැකියා කරන බව පවසමින් ගම රටවලට මාසිකව විශාල මුදල් යවා ඇති බවටත් හෙළි වී ඇතැයි ද පොලිසිය පැවසීය.

ගල්කිස්ස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නයනතාර මහතා වෙත ලද රහසිගත තොරතුරකට අනුව සිදුකළ ආවේක්ෂණ රාජකාරිවලින් අනතුරුව අධිකරණ සෝදිසි වරෙන්තුවක් ලැබ පොලිස් උපාය දූතයකු යවා සුරූපී කාන්තාවක් මිලට ගැනීමෙන් අනතුරුව පොලිසිය විසින් වැටලීම සිදු කරනු ලැබ ඇත.

මෙම ස්ථානයට සුරූපි ළාබාල කාන්තා පහස පතා ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් ද, ප්‍රභූවරුන් ඇතුළු ධනවතුන් පැමිණ කාන්තාවන්ගේ පහස රුපියල් 15000/= සිට 25000/= දක්වා ඉහළ මිල ගණන්වලට ලබාගෙන ඇතැයි ද පොලිසිය කියයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top