අද වෙනස් වූ මිල ..
Thursday, 01 June 2023 - 7:45 | Views - 887
2023 මැයි මස 31 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 15කින් අඩු කර තිබෙනවා.ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 318 වනවා.ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් රැපියල් 20 කින් මිළ ඉහල යනු ලබනවා.ඒ අනුව ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් නව මිල රැපියල් 385ක් වනවා.ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක් රුපියල් 10කින් මිල ඉහල යනු ඇති.එ අනුව ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක නව මිල රැපියල් 340 ක් වනවා.ලංකා භූමිතෙල් ලීටරයක් රැපියල් 50කින් අඩු කෙරෙනු ඇති.ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රැපියල් 245ක් වනවා.ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක් රැපියල් 60කින් අඩු කෙරෙනු ඇති.ඒ අනුව ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක නව මිල රැපියල් 270 ක් වනවා.එමෙන්ම ලංකා IOC සමාගමත් CEYPETCO මිලට ගැළපෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙන බවයි වාර්තා වී ඇත්තේ.

Share This Article