අද ඇරඹුණු සා.පෙළ
Monday, 29 May 2023 - 9:22 | Views - 483
2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568 කදී අද(29) ආරම්භ වනවා.

එය ජුනි මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා, අපේක්ෂකයින් හාරලක්ෂ 72,553 දෙනෙකු පෙනී සිටින බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.

විභාග කටයුතු සම්බන්ධීකරණ සඳහා මධ්‍යස්ථාන 536 ක් පිහිටුවා ඇති අතර විභාග රාජකාරි සඳහා 35,000 ක කාර්ය මණ්ඩලයක් යොදවා තිබෙනවා.

විභාග කටයුතු පෙරවරු 8.30ට ආරම්භ වන නිසාවෙන් ඊට පැය භාගයකට පෙර විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල්වරයා අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගය සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ,

එසේම, සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත යාමට සිසු සැරිය බස් සේවාව ක්‍රියාත්මකයි.

මේ අතර විභාගය පැවැත්වෙන දිනවල පාසල් නිල ඇඳුමින් පැමිණෙන සිසු සිසුවියන්ට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ රියදුරන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top