හෙට ඉඳලා මදි නොකියන්න තෙල් ලැබෙන්නේ මෙහෙමයි
Monday, 29 May 2023 - 9:06 | Views - 4,453
ඉන්ධන කෝටාව එළඹෙන අඟහරුවාදා (30) වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (28) සඳහන් කළා.
ඒ අනුව, යතුරුපැදියක් සඳහා සතියකට දැනට නිකුත් කරන පෙට්‍රල් ලීටර 7 ලීටර 14 ක් දක්වා ඉහළ දමන බව කී අමාත්‍යවරයා මගී ප්‍රවාහනය සඳහා ලියාපදිංචි ත්‍රීරෝද රථයකට සතියකට හිමිවන ඉන්ධන ලීටර 15, ලීටර 22 ක් දක්වා ද ඉහළ දැමූ බව සඳහන් කළා.
එසේම, වෙනත් ත්‍රීවිල් සඳහා පැවති ලීටර 8 ක කෝටාව ලීටර 14 ක් දක්වා ද, කාර් රථයක් සඳහා පැවැති ඉන්ධන ලීටර 30 ක කෝටාව ලීටර 40 ක් දක්වා ද, ඉහළ දැමූ බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබුණා.
කෙසේ වෙතත්, බස් රථ සඳහා මෙතෙක් පැවැති ඉන්ධන ලීටර 60 ක ප්‍රමාණය ලීටර 125 ක් දක්වා ද, ලොරි රථ සඳහා පැවති ඉන්ධන ලීටර 75 ක ප්‍රමාණය ලීටර 125 ක් දක්වා ද, ඉහළ දැමූ බවද , තවද මෙම ඉහළ දැමීම හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවද වැඩිදුරටත් සඳහන් වුණා.
Share This Article