කල්ගිය IPL සටන අද
Monday, 29 May 2023 - 7:20 | Views - 438
ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (29) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
කෙසේවෙතත්, ඊයේ (28) දිනයේ අවසන් තරගය පැවැත්වීමට නියමිතව තිබුණ ද වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීම හේතුවෙන් එය අත්හැර දැමීමට සිදු වූ බවයි බලධාරීන් සඳහන් කර තිබුණේ.
කෙසේ වෙතත්, මෙසේ පැවැත්වීමට තිබුණේ, චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර අවසන් මහ තරගය යි.
ඒ අනුව අද පස්වරු 7.30 තරගය අහමදාබාද්හිදී පැවැත්වීමට නියමිත යි.
මෙවර IPL ශූරයන්ට ඉන්දීය රුපියල් කෝටි 20ක මුදලක් පිරිනැමෙන අතර එහි වටිනාකම ශ්රී ලංකා මුදලින් රුපියල් කෝටි 70කට අධික මුදලක් ද වනවා.
අනුශූරයන්ට ඉන්දීය රුපියල් කෝටි 13ක මුදලක් පිරිනැමෙන අතර එහි වටිනාකම ශ්රී ලංකා මුදලින් රුපියල් කෝටි 45කට අධික යි.
Share This Article