සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ගැන නවතම හෙළිදරව්වක්..
Saturday, 27 May 2023 - 10:53 | Views - 588
පාසල් යන නව යෞවන දරුවන්ගේ කලහාකාරී හැසිරීම්වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ සමාජ මාධ්‍ය වෙතට වැඩ වශයෙන් යොමුව තිබීම බව යොවුන් මනෝ චිකිත්සක උපදේශක වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි පවසනවා.
ඒ පසුගිය 24 වැනිදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එසේම සමාජ මාධ්‍ය භාවිත කරන දරුවන් අතර විශාදයේ ලක්ෂණ බෙහෙවින් දක්නට ලැබෙන බවත් එය දරුවන්ගේ පෞරුෂ වර්ධනයටද බලපෑම් එල්ල කර ඇති බවයි ඇය පෙන්වා දුන්නේ.
නව යෞවනයකුගේ මොළයේ පිටුපස කොටස පළමුව වර්ධනය වන බවත්, එය හැගීම් මොළය ලෙස හඳුන්වන බවත් සඳහන් තර සිටි වෛද්‍යතුමිය හැඟීම් මොළයේ වර්ධනයත් සමඟ ආශාවන් පසු පස යාම හා අලුත් දේ අත්හදා බැලිම සිදු කරන බවත් සඳහන් කළා.
ඇය පෙන්වා දෙන්නේ හැඟීම මොළයේ බුද්ධිය කුසලතාවල අදාළ කොටස් මර්දනය වන්නේ යම් ප්රමාදයයක් ඇතිව බවයි.
විශේෂයෙන් දරුවන් වීඩියෝ ගේම් වැනි දේට යොමුවීමත් සහ එම පීඩාවන් එක දිගට කරගෙන යෑමෙන් මොළය තුළ හටගන්නා සර්කිට් ශක්තිමත් වෙන බවයි ඇයගේ සඳහන් කළේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යතුමිය පෙන්වා දෙන්නේ එවැනි දරුවන් තුළ කලහකාරී ලක්ෂණ වැඩි වන බවයි.
කෘතිම පරිසරයත් ඇතුව යන සම්බන්ධතාවයකින් දරුවන්ගේ පෞරුෂ වර්ධනක් සිදු නොවන බවත් එමෙන්ම බොරු ගිණුම්වලින් සමාජ මාධ්‍යවලට එන දුශ්චරිත මිනිසුන්ගේ ග්‍රහණයට දරුවන් නතුවන බවත් ඇය සඳහන් කළා.
එවැනි අනවශ්‍ය සමබන්ධතා ගොඩ නැගීම හරහා දරුවන්ගේ නිරුවත් ඡායාරූප ඉල්ලීම, බැලැක්මේල් කිරීම වැනි සිද්ධීන් හේතුකොටගෙන අවසානයේ සියදිවි නසා ගැනීම් ආදී විපාකයන්ට මුහුණ දීමට සිදුවන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරිය සඳහන් කළා.
Share This Article