වෙන තරමක් කරදර වෙන්නේ එයාටමයි.. අරගලයේ ජීන් ඇන්ටිට මොනවාද ඒ පාර වෙලා තියෙන්නේ..
Tuesday, 23 May 2023 - 11:12 | Views - 636
පසුගිය සමයේ රටපුරා නම රැන්දූ අරගලයේ ප්‍රබල ක්‍රියාකාරිනියක වූ ජීන් ඇන්ටි සතුව තිබු රුපියල් එක්ලක්ෂ පනස්තුන්දහසක මූදලක් සොරා ගත් බවට සැකපිට ජින් ඇන්ටිගේ සැමියා බව කියන දයානන්ද පෙරේරා නැමති අය එඩේරමුල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති පුවතක් වර්ථා වේ.

ඔහුව මහර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බණ්ධනාගාර ගත කර රුපියල් ලක්ෂ 2 ශරීර ඇප මත මුදාහැරීමට මහර වැඩබලන මහේස්ත්‍රාත් වරයා 22 වනදා නියෝග කළේය.

අධික ලෙස මත්පැන් භාවිතයට හා සූදූවට ඇබ්බැහි වී සිටින සැකකරු එඩේරමූල්ල පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පසුගිය 8 වනදා අත් අඩංගුවට ගෙන මහර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 22 වනදා තෙක් රක්ෂිත බණ්ධනාගාර ගත කර තිබිණි.

22 වනදා මෙම නඩුව යළි කැදවූ අවස්ථාවේදි අගතියට පත් අරගලයේ ක්‍රියාකාරිනියක වූ ජින් ඇන්ටි නමැත්තිය තමාගේ මුදල් සොරාගත් සැමියාට ඇප ලබා දිම සම්බන්ධයෙන් තමාගේ විරුද්ධතාවක් නැති බව විවෘත අධිකරණයේ ප්‍රකාශ කරන ලද අතර එම කරුණූ සලකා බැලූ මහර වැඩ බලන මහේස්ත්‍රාත් සමන් දිමූතු කුමාර පරණලියනගේ මහතා විසින් සැකකරුට දැඩි ලෙස අවවාද කර රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත ඔහුව මූදාහරින ලෙස නියෝග කරන ලදී.

රාගම සමූහ කේ.එස්.හැන්නදි
දිනමිණ 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top