උද්භිද උද්‍යානවල ප්‍රවේශපත්‍ර මිල ගණන් ඉහළට
Tuesday, 23 May 2023 - 10:12 | Views - 472
ජුනි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි උද්භිත උද්‍යානවලට ඇතුළුවීමේ ගාස්තු ඉහල නංවා තිබෙනවා.

සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශය ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කරමින් කියා සිටියේ වැඩිහිටියෙකුගෙන් අයකෙරෙන ගාස්තුව රුපියල් 200ක් දක්වාත් පාසල් ළමයින්ගෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 30 දක්වාත් ඉහල දමා ඇති බවයි.

මීට පෙර එම ගාස්තු පිළිවෙලන් පැවතුණේ රුපියල් 100ක් සහ රුපියල් 20ක් ලෙසයි.

මීට අමතරව වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් සදහා ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම මත අය කෙරෙන ගාස්තුව ද රුපියල 50 දක්වා ඉහළ දමා තිබෙනවා.

මීට පෙර එය පැවතුණේ රුපියල් 20ක් ලෙසයි.

එමෙන්ම විදේශික වැඩිහිටි පුද්ගලයෙකුගෙන් අයකෙරෙන ගාස්තුව රුපියල් 3000 දක්වාත් වයස අවුරැදු 12ට අඩු විදේශික ළමුන්ගෙන් අයකෙරෙන ගාස්තුව රුපියල් 1500 දක්වා ඉහළ දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

මීට පෙර එම ගාස්තු පිලිවෙලින් පැවතුණේ රුපියක් 2000 සහ රුපියල් 1000ක් ලෙසයි.

මේ අතර ජුනි මස පළමු වන දා සිට කෞතුකාගාර 7ක් සහ පුරාවිද්‍යා ස්ථාන 20කට ඇතුළු වීමේ දී මුදල් අය කිරීමට කටයුතු කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී එහි අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග කියා සිටියේ, විදේශ සංචාරකයෙකුගෙන් රුපියල් 500ක මුදලක් සහ දේශිය සංචාරකයෙකුගෙන් රුපියල් 50ක් හෝ 100ක මුදලක් අයකිරීමට නියමිත බවයි.

මේ අතර මංගල චායාරූප ගැනීමේ දී, ටෙලි නාට්‍ය රූගත කිරීමේ දී හා වාර්තාමය වැඩසටහන් රූගත කිරීමේ දී පැයක් සඳහා රුපියල් 5,000ක මුදලක් අයකිරීමට ද තීරණය කර තිබෙනවා.

එමෙන්ම, පුරාවිද්‍යා කැණීම් බලපත්‍ර ලබා ගැනීමේ දී වර්ෂයක් සඳහා බලපත්‍රයකට රුපියල් 25,000ක මුදලක් අයකිරීමට ද තීරණය කර ඇති බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග වැඩිදුරටත් කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top