අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිස්සි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (19 ) රාත්‍රී 10 සිට සෙනසුරාදා (20) උදෑසන 8.00 දක්වා ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා.
මේ අනුව කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මහරගම සහ බොරලැස්ගමුව මහ නගර සභා බල ප්‍රදේශයට සහ කොළඹ 4,5,7,8 ප්‍රදේශ වලට මෙලෙස ජල කප්පාදුව සිදුවන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අද රාත්‍රියේ සිට පැය 10ක කාලයක් මෙම ජල සැපයුම අත් හිටුවන බව සඳහන්.
මේ නිසා ජනතාවට ඇතිවන අපහසුතාවය පිළිබඳ පාරිභෝගිකයන්ට සිය කණගාටුව ප්‍රකාශ කරන අතර ම අවශ්‍ය ජලය ගබඩා කර ගන්නා ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසන්නේ.










59 Views





















